Friday, May 24, 2024
HomeLocalකිසිදු පාසලක් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නේ නෑ-යුද හමුදාපති කියයි

කිසිදු පාසලක් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නේ නෑ-යුද හමුදාපති කියයි

කිසිඳු පාසලක් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස භාවිත නොකරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.

නමුත් සේවයට වාර්තා කරන ලෙස දැනුම් දී තිබෙන ත්‍රිවිධ හමුදා සාමාජිකයින් පැමිණි පසු නියමිත ශාරිරික දුරස්ථභාවය පවත්වා ගැනීමට කඳවුරු තුළ ඉඩ පහසුකම් මදි වුවහොත් ඒ සඳහා එම කඳවුරු අසළ ඇති පාසල් භාවිත කිරීමට ඉඩ ලබා දෙන මෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් සිදු කර ඇති බව ඒ මහතා පවසයි.

කෙසේ වෙතත් සියලු හමුදා සාමාජිකයින් කඳවුරු තුළම රඳවා ගැනීමට ගත හැකි පියවර ගන්නා බවත් එසේ නොහැකි වන අවස්ථාවල පමණක් ඉහත විකල්පයට යාමට සිදු වන බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.

ඒ හැරුණුවිට ආසාදිත බවට සැකසහිත හෝ නිරෝධායනයට යොමුකළ ආරක්ෂක අංශ සාමාජිකයන් කිසිවිටකත් පාසල් වෙත යොමු නොකරන බව යුධ හමුදාපතිවරයා අවධාරණය කළේය.

- Advertisment -

Most Popular

Recent Comments