Thursday, May 9, 2024
HomeEntertainmentටික්ටොක් දැන් නම් නවත්තලා තියෙන්නේ – හර්ෂි රසාංගා ගොඩක් දුක හිතෙන කතාවක්...

ටික්ටොක් දැන් නම් නවත්තලා තියෙන්නේ – හර්ෂි රසාංගා ගොඩක් දුක හිතෙන කතාවක් කියයි

හර්ෂි රසාංගා කියන්නෙ බොහෝම කෙටි කාලෙකින් කාගෙත් ආදරය දිනාගත්ත පුංචි තිරයෙන් ඔබට මුණගැහෙන හුරුබුහුටි කෙල්ලක්. මේ දිනවල අතිශය ජනප්‍රිය, හිරු ටීවී ඔස්සේ විකාශය වන ‘ලංවී’ ටෙලි නිර්මාණයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙත් ඇය යි. සමාජ මාධ්‍ය තුළ නිතරම වගේ කතාබහක් ඇති කරන හර්ෂි, මෑතක යූටියුබ් නාලිකාවක් සමඟ කළ කතාබහක කොටසක් තමයි මේ.

ආදරේ කියන්නෙ මොකද්ද ?

ආදරේ කියන්නෙ වෙලාවකට ලොකු සතුටක්.. වෙලාවකට දුකයි. මොකද මම කියන් නෑ මම හරියට ආදරේ කරන්න දන්නවා කියලා. ඒ වුණාට ගොඩක් අය ආදරේ හරියට දෙන් නැති වුණාම එක්කෙනෙක් ඒකෙන් හර්ට් වෙනවා.

හර්ෂි පෙම්වතියක් ද නැද්ද ?

ගොඩක් අය මගෙන් ඇහුවා ඇත්තද පෙම්වතියක්ද කියලා. නෑ..

ඇයි දැන් ටික්ටොක් නවත්තලා ?

ටික්ටොක් දැන් නම් නවත්තලා තියෙන්නේ. ටික්ටොක් කරන්නෙ කවිඳු අයියා තමා මගේ ඔලුවට දැම්මේ. ඇත්තටම ටික්ටොක් හොඳ දෙයක්, හරියට කරනවා නම්.. සම්මාන උළෙලවල්වලට මගේ නම නොමිනේට් වෙද්දි ගොඩක් අය කියලා තිබ්බා, ටික්ටොක් වලින් ආපු ගර්ල් කෙනෙක්. ඇයි මෙයාව අරන් තියෙන්නෙ කියලා. ඇත්තටම මම ටික්ටොක් වලින් ආපු කෙනෙක් නෙවෙයි. මම කළා තමයි. නමුත් මිනිස්සු වැරදි මතයක් ඇති කරලා.

- Advertisment -

Most Popular

Recent Comments