Wednesday, May 8, 2024
HomeBusinessගිය වසරේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පහළට

ගිය වසරේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පහළට

ගිය වසරේ (2023) දී ශ්‍රී ලංකාවේ මුළු වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම සියයට 9.1 කින් පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මේ අනුව 2022 වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 13106ක් වූ මුළු වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ගිය වර්ෂයේ දී (2023) ඇමරිකානු ඩොලර් මිලියන 11,911ක් දක්වා පහත වැටී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව දැක්වේ. එසේම ඉකුත් දෙසැම්බර් මස වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම සියයට 6.2 කින් අඩුවී ඇති බවද එහි සඳහන් වේ.

මේ අතර 2022 වසරේ ඇමරිකානු ඩොලර් මිලියන

18291 ක් වූ වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම ගිය වසරේ (2023) දී ඇමරිකානු ඩොලර් මිලියන 16811 ක් දක්වා සියයට 8.1 කින් අඩුවී ඇතැයි ද එහි සඳහන් වේ.

- Advertisment -

Most Popular

Recent Comments