Wednesday, May 8, 2024
HomeLocalසමෘද්ධිය ගැන රජයෙන් ගත් අලුත්ම තීරණය

සමෘද්ධිය ගැන රජයෙන් ගත් අලුත්ම තීරණය

සමෘද්ධි ව්‍යාපාරය කිසිදු අවස්ථාවක අහෝසි කිරීමට රජය බලාපොරොත්තු නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

අද (06) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

එමෙන්ම සමෘද්ධි ව්‍යාපාරය සවිලබ ගැන්වීම සඳහා විශේෂ වගකීමක් ඉදිරියට ගෙනයන බවද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා,

“ජනාධිපතිවරයා සහ අගමැතිවරයා උපදෙස් ලබාදුන්නේ, පවතින ක්‍රමවේදය තුළ සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයට මේ අනිවාර්ය දායකත්වය ලබාදිය යුතු මුදල් කාණ්ඩය කපාගෙන ඉතිරි මුදල් ප්‍රතිලාභියාගේ බැංකු ගිණුමට ඍජුවම ලබාදීමට හැකියාවක් නෑ. ඒ නිසා අපි සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයට හා සමෘද්ධි දෙපාර්තමේන්තුවටත් උපදෙස් ලබාදීලා තියෙනවා. ලක්ෂ 20ක ප්‍රතිලාභීන් ප්‍රමාණය ලක්ෂ 24ක් දක්වා 2024 ජුලි මාසයේ සිට වැඩිකරන අවස්ථාවේ දී මේ සියලු ප්‍රතිලාභීන් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලට දායකත්වය සපයන ක්‍රමවේදය සකස් කරන්න කියලා. මේ වනවිටම සමෘද්ධි සංවර්ධන නිලධාරීන් විසින් ඔවුන්ගේ කැමැත්ත ලබාගෙන තියෙනවා මේ දායකත්ව මුදල දැනට ප්‍රතිලාභය ලබන බැංකු ගිණුමෙන් සමෘද්ධි ව්‍යාපාරයට බැර කිරීම සඳහා…”

- Advertisment -

Most Popular

Recent Comments