Wednesday, May 8, 2024
HomeSportsතවත් තරගයක් ඉතිරිව තිබියදී, ඇෆ්ගනිස්ථානයට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට....

තවත් තරගයක් ඉතිරිව තිබියදී, ඇෆ්ගනිස්ථානයට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට….

ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අවසන් වීමට එක් තරගයක් ඉතිරිව තිබියදීම, සත්කාරක ශ්‍රී ලංකාව තරගාවලියේ ජය තහවුරු කර ගත්තේ ය.

ඒ, රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැති, දෙවැනි තරගය ලකුණු 72කින් ජය ගනිමිනි.

ලකුණු 188ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්ථානයට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 115ක් පමණයි.

තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් ඇෆ්ගනිස්ථාන නායක, ඊබ්‍රහිම්  සද්රාන් පෙර තරගයේ මෙන්ම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය.

ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ, පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස්.

වේගවත් පිතිහරඹයක නිරත වූ පැතුම් නිස්සංක පන්දු 11කින් 4 පහර 5ක්ද සමගින් ලකුණු 25ක් රැස් කළේ ය.

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 45ක්.

මෙන්ඩිස් පන්දු 14කින් ලකුණු 23යි.

ධනංජය ද සිල්වා ලකුණු 14ක් රැස් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා මුල් පෙළ කඩුලු 3 බිඳ වැටුනේ ලකුණු 86කදීයි.

නායක වනිඳු හසරංග පන්දු 9කින් වේගවත් ලකුණු 22ක් රැස් කළා.

6 පහර 2ක් සහ 4 පහරක් එම ඉනිමට ඇතුළත්.

සදීර සමරවික්‍රම සමග එක් වූ ඇන්ජලෝ මැතිව්ස් 6 වැනි කඩුල්ල සඳහා පන්දු 34කින් වේගවත් ලකුණු 66ක් රැස් කළේ ය.

මැතිව්ස් පන්දු 22කින් ලකුණු 42ක් රැස් කළ අතර, 6 පහර 4ක් සහ 4 පහර 2ක් ඊට ඇතුළත්.

සදීර ලකුණු 51යි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර  දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 187ක් රැස් කළේ ය.

ලකුණු 188ක ජයග්‍රාහී ඉලක්කයකින් ඇෆ්ගනිස්තාන ඉනිම ආරම්භ කළේ, නායක ඊබ්‍රහීම් සද්රාන් සහ හස්රතුල්ලා සසායි.

ඔවුන්ගේ පළමු කඩුල්ල ලකුණු 6කදී බිඳ වැටිණි.

නායක ඊබ්‍රහීම් සද්රාන්ට රැස් කිරීමට හැකි වුයේ, ලකුණු 10ක් පමණයි.

ඇන්ජලෝ මැතිව්ස් එම කඩුලු 2ම  දවා ගත්තේ ය.

රහ්මනුල්ලා ගුර්බාස්  ලකුණු 13යි.

ගුල්බදීන් නයිබ් ලකුණු 4කට දවා ගැනීමට බිනුර ප්‍රනාන්දු සමත් විය.

ඇෆ්ගනිස්ථාන මුල් පෙළ කඩුලු 5 බිඳ වැටුනේ ලකුණු 31කදීයි.

මේ අතර ශ්‍රී ලංකා නායක වනිඳු හසරංග පන්දුවාර 20යි 20 අංශයේ 100 වැනි කඩුල්ල අද  දවා ගැනීමට සමත් විය.

එම සීමාව පසු කළ දෙවැනි ශ්‍රී ලංකා පන්දු යවන්නා ඔහුයි.

මේ අතර වේගවත්ම 20යි 20 කඩුලු සියය දවා ගත් ක්‍රීඩකයින් අතර වනිඳු දෙවැනි ස්ථානයේ පසු වේ.

- Advertisment -

Most Popular

Recent Comments