Wednesday, May 8, 2024
HomeLocalලාභ ලබන රාජ්‍ය ආයතන කඩිමුඩියේ විකුණන්න යන්නේ විශාල මුදල් කොල්ලයකටද කියල සැකයි...

ලාභ ලබන රාජ්‍ය ආයතන කඩිමුඩියේ විකුණන්න යන්නේ විශාල මුදල් කොල්ලයකටද කියල සැකයි – ආචාර්ය නාලක ගොඩහේවා –

රාජ්‍ය දේපල විකිණීම සම්බන්ධයෙන් මේ රටේ දේශපාලන පක්ෂ හා ජනතාව දරනා මත විවිධයි. යම් දේශපාලන කන්ඩායමක් සිතනවා නම් රාජ්‍ය දේපල විකිණිය යුතුයි කියා ඒ බව විවෘතව ජනතාවට කියා එය ක්‍රියාත්මක කිරීමට ජනතාවගෙන් වරමක් ඉල්ලන්න පුලුවන්. බහුතර ජනතාව එය අනුමත කරනවා නම් ප්‍රශ්නයක් නෑ. නමුත් ජනතා වරමකින් තොරව එවැනි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනවා නම් එය සම්පූර්ණයෙන් වැරදියි. එහෙම බැලුවහම වර්ථමානයේ බලයේ ඉන්න ආන්ඩුවට හෝ අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට රාජ්‍ය දේපල විකිණීම සඳහා ජන වරමක් නෑ. 2019 ජනාධිපතිවරණයේදී හෝ 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී වර්ථමානයේ බලයේ සිටිනා පිරිස ඉදිරිපත් කල මැතිවරණ ප්‍රකාශණ වල තිබුනේ රාජය දේපොල ආරක්ෂා කොට ශක්තිමත් කරනවා කියා මිස විකුණනවා කියා නෙවෙයි. එහෙම නම් වත්මන් රජයට රටට තමනව ප්‍රතිපත්ති ඉදිරිපත් කොට යලි ජනවරමක් ලබා ගන්නේ නැතුව රාජ්‍ය දේපොල විකුනන්න බෑ.

නමුත් වර්ථමාන රජය ඉතා ලහි ලහියේ රාජ්‍ය දේපොල විකිණීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමින් ඉන්නවා. මේ වන විට මුදල් අමාත්‍යාංශ වෙබ් අඩවියේ පල කොට තිබෙනවා මේ වසරේ සැප්තැම්බර් මාසය වන විට විකුණා අවසන් කල යුතු ආයතන ලැයිස්තුවක්. එහි සැප්තැම්බර් වලට කලින් මේ ගනුදෙනු අවසන් කල යුතු යැයි යෝජිත් ආයතන 7 න් 5 ම ලාබ ලබන ආයතන

ලිට්‍රෝ ගෑස් සමාගම
ශ්‍රී ලංකා ඉන්සුරන්ස් සමාගම
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම
ලංකා හොස්පිටල් ආයතනය
හිල්ටන් හෝටලය

මේවා ලාබ ලබන ආයතන පමනක් නෙවෙයි විශාල වශයෙන් ලාබ ලබන ආයතන.

ඉතුරු ආයතනය වන හයට් හෝටලය තාම සාදා අවසන් කොට නැති ව්‍යාපෘතියක්

පසුගිය ආර්ථික අර්බූධයෙන් පසු මේ ආකාරයට රාජය ආයතන පෞද්ගලීකරණය කිරීමේ යෝජනා යලි කරලියට එන්නේ අයි එම් එෆ් සාකච්චා නිසායි කියා පෙන්වන්නට රජය උත්සාහ කරනවා. නමුත් අයි එම් එෆ් යෝජනා කොට තිබෙන්නේ මූලික වශයෙන්ම පාඩු ලබන ආයතන පෞද්ගලීකරණය කරන්න කියායි. උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකා ගුවන් සමාගම පාඩු ලබන ආයතනයක්. නමුත් අඩුම ගානේ ශ්‍රී ලංකා ගුවන් සමාගමවත් මේ සැප්තැමබර වලට කලින් විකුණා අවසන් කල යුතු සමාගම් ලැයිතුවේ නෑ. තවත් පාඩු ලබන ආයතන ගනනාවක් රාජ්‍ය ව්‍යාපාර අතර තිබුනත් ඒවා සම්බන්ධයෙන් රජයට හදිසියක් නෑ. රජයට හදිසිය තිබෙන්නේ වැඩියෙන්ම ලාබ ලබන පහසුවෙන්ම විකුනා ගත හැකි ආයතන ටික විකුණා ගැනීමටයි.

මේ හදිසිය ගැන අපට විශාල සැකයක් තිබෙනවා.

ජනාධිපතිවරණයට පෙර ආන්ඩු පෙරලෙන්නට පෙර මේ ආකාරයට උපායමාර්ගිකව රටට වැදගත් , ලාබ ලබන ආයතන කිහිපයක් විකුණා ගැනීම පිටුපස තිබෙනා යටි අරමුන කුමක්ද ?

ලංකාවේ රාජ්‍ය ආයතන පෞද්ගලිකරණ ඉතිහාසය ඉතාම දූෂිත බව අපි මේ රටේ ජනතාවට අමුතුවෙන් කියන්නට අවශ්‍ය නෑ. එසේ විකුණා දැමු බොහෝ ආයතන අද මේ පොලොවෙන් අතුරුදහන් වෙලා. තුට්ටු දෙකට මේ බොහෝ ආයතන මිලදී ගත් ජාවාරම් කරුවන් ඒවායේ දේපොල විකුණා පොහොසත් උනා මිස එම ව්‍යාපාර දීයුණු කලේ නෑ. ඒ නිසා මැතිවරණයක් කට උඩ තියාගෙන ලහි ලහියේ ආන්ඩුව මේ සූදානම් වන්නේ තවත් එවැනිම මගඩියකටද කියා අපට විශාල සැකයක් තිබෙනවා.

ඒ වගේම මේ ආයතන විකුනන්නට පෙර රජය ඒ සඳහා ජනතාවගේ වරමක් ලබා ගත යුතුය කියා අපි විශ්වාස කරනවා. ඊලග ජනාදිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂයකට කියන්න පුලුවන් මේ සමබන්ධයෙන් ඔවුන්ගේ අදහස් කුමක්ද කියා ඒ අනුව ජනතාවට තීන්දු ගන්න පුළුවන්. බහුතර ජනතාවගේ මතයට අනුව ඉදිරියේදී පත්වන නීත්‍යානුකූල රජයකට කටයුතු කරන්න පුළුවන්.

- Advertisment -

Most Popular

Recent Comments