Wednesday, May 8, 2024
HomeLocalපැජට් පාරේ නිවස ගැන මෛත්‍රී කට අරී

පැජට් පාරේ නිවස ගැන මෛත්‍රී කට අරී

තමා ජනාධිපති ධුරය දැරූ සමයේ පදිංචිව සිටි කොළඹ, පැජට් පාරේ පිහිටි නිවස සම්බන්ධයෙන් අසත්‍ය පුවත් පළ කරන ලද පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද (07) පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා පවසා සිටියේ, අදාළ නිවස සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවක් ලබාදීමට වසර 2 හමාරකට පෙර තමා එම නිවසෙන් පැමිණි බවය.

එම නිවස තමා ලබා ගත්තේ ඇමතිවරයෙකුගෙන් බවත් පසුව එය පිළිසකර කර තමා එහි ජීවත් වූ බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

“ඒ ගෙදර මම ගත්තේ ඇමතිවරයෙකුගෙන්. ඒක ඇමතිවරයෙකුගේ ගෙයක්. එහෙම නැතුව මාළිගාවක් නෙමෙයි. අනිත් පැත්තෙන් විශාල වශයෙන් දේශපාලනික හා මාධ්‍යවලින් ප්‍රචාර යැව්වා මම මේක සින්නක්කර ලියාගෙන, ඔප්පු ලියාගෙන කියලා. මේ වගේ ඉතාම අසත්‍ය, බොරු ප්‍රචාර මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මීට අවුරුදු 2 හමාරකට කලින් මම ඒ ගෙදරින් ආවේ. වැරදි කරුණු ජනතාව අතරට මාධ්‍ය මඟින් යෑම ගැන ප්‍රධාන වශයෙන්ම චරිත ඝාතන හා නින්ද අපහාස කිරීම, ඔන්ලයින් පනත යටතේ අපිට ශක්තියක් වෙලා තියෙනවා. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා ඒ පිළිබඳව වැරදි කරුණු ඉදිරිපත් කළ මාධ්‍ය ආයතන කිහිපයක් සම්බන්ධයෙන් ඔන්ලයින් පනත යටතේ ඒ වගේම පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේත් මම ඉදිරියේ දී ක්‍රියාමාර්ග ගන්නවා. “

- Advertisment -

Most Popular

Recent Comments