Thursday, May 9, 2024
HomeSportsශ්‍රී ලංකා - බංග්ලාදේශ 20යි 20 සටන අද ඇරඹේ

ශ්‍රී ලංකා – බංග්ලාදේශ 20යි 20 සටන අද ඇරඹේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද (04) ආරම්භ වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරයට පන්දුවාර 20යි 20 තරග 3ක්, එක්දින තරග 3ක් සහ ටෙස්ට් ක්‍රිකට් තරග 2ක් ඇතුළත්ය.

එහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය අද (04) සිලෙට්හීදී පැවැත්වේ.

ශ්‍රී ලංකා පන්දුවාර 20යි 20 ක්‍රිකට් නායක වනිදු හසරංගට තරග දෙකක් තහනම් වීම හේතුවෙන් අද තරගයට නායකත්වය ලබා දෙන්නේ චරිත් අසලංකයි.

නජිමුල් හුසේන් ෂැන්ටෝ බංග්ලාදේශ කණ්ඩායමට නායකත්වය ලබා දෙනු ඇත.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයට එක් වන්නේ 2022 වසරෙන් පසුවයි.

පන්දුවාර 20යි 20 ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අවස්ථා 13කදී එකිනෙකා මුණ ගැසී ඇති අතර ඉන් තරග 9ක් ශ්‍රී ලංකාව ජයගෙන ඇත.

බංග්ලාදේශය ජයග්‍රහණය කර තිබෙන්නේ තරග 4ක් පමණි.

අද තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.30 ආරම්භ වීමට නියමිතයි.

- Advertisment -

Most Popular

Recent Comments