Friday, May 24, 2024
HomeLocalරැකියාවලට යන අයට කොන්දේසි මාලාවක්!

රැකියාවලට යන අයට කොන්දේසි මාලාවක්!

පවතින තත්ත්වය යටතේ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවයට කැඳවන අත්‍යාවශ්‍ය සේවකයින් ප්‍රවාහනය කිරීම සඳහා විශේෂ දුම්රිය ධාවන වැඩපිළිවෙලක් ලබන 11 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී (වාණිජ) වී.එස් පොල්වත්තගේ මහතා පැවසීය.

නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී (වාණිජ) වී.එස් පොල්වත්තගේ මහතා

මෙම වැඩපිළිවෙල යටතේ ධාවනය කෙරෙන දුම්රියවල ගමන් කළ හැක්කේ ආයතන ප්‍රධානීන් විසින් සේවයට කැඳවන දුම්රිය ප්‍රවේශපත්‍රලාභී සේවකයින්ට පමණක් වන අතර එම සේවකයින්ට දුම්රිය ප්‍රවාහන පහසුකම් සපයාගැනීම සඳහා ආයතනය විසින් දුම්රිය සේවා අවශ්‍ය සේවකයින්ගේ ලැයිස්තුවක් දුම්රිය මූලස්ථානය වෙත යොමු කළ යුතු බවද නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.

එම ලැයිස්තුව සමඟ අදාළ පුද්ගලයින්ගේ දුරකතන අංකය, දුම්රිය වාර ප්‍රවේශපත්‍රයේ අංකය, දුම්රිය ලබාගන්නා දුම්රිය ස්ථානය, උදෑසන දුම්රියට පැමිණෙන වේලාව, රාජකාරී නිම කර දුම්රියෙන් නිවස බලා පිටත්වයන වේලාව ආදී තොරතුරු ද දුම්රිය දෙපාර්තමේන්තුවට ලබාදිය යුතු බව හෙතෙම ප්‍රකාශ කළේය.

එසේ ආයතනය මගින් ලබාදෙන ලැයිස්තුව අනුව සේවකයින්ට දුම්රිය සේවා සපයන අතර ඔවුන්ට අවශ්‍ය වේලාවට පැමිණීම සඳහා දුම්රියක ආසන අංකයක් ලබාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇතැයි ද වී.එස් පොල්වත්තගේ මහතා කීවේය.

එම මගීන්ට අදාළ දුම්රිය, එය පැමිණෙන වේලාව, ඔවුන්ට හිමි ආසන අංකය කෙටි පණිවුඩයක් මගින් ජංගම දුරකතනයට යොමුකරන බවද දුම්රිය නියොජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.

මෙසේ ගමන් ගන්නා දුම්රිය මගීන්ට අදාළ දුම්රිය මහ හැරුණහොත් වෙනත් විකල්ප දුම්රියක් නොලැබෙන බැවින් එම දුම්රිය පැමිණෙන වේලාවට පෙර දුම්රිය ස්ථානයට පැමිණ සිටිය යුතු බව හෙතෙම සඳහන් කළේය.
මෙම දුම්රියන්හි ගමන් ගන්නා මගීන් වෙනුවෙන් අත්සේදීමේ හා විෂබීජහරණයට ලක්වීමේ පහසුකම් ආදිය දුම්රිය ස්ථානවල සපයා ඇතැයිද පොල්වත්තගේ මහතා කීවේය.

ධාවනය කෙරෙන දුම්රියවල ගමන් ගන්නා එම පිරිස් වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ උපදෙස් මාලාවක්ද නිකුත් කර ඇති අතර එම උපදෙස් මෙසේය.

* මුඛ ආවරණ පැළඳ සිටීම අනිවාර්ය වේ.
* සෙසු පුද්ගලයින් හා මීටරයක දුරක් පවත්වාගත යුතුය.
* දුම්රිය ස්ථානයට ඇතුළුවීමේදී සබන් යොදා අත් සේදිය යුතුය.
* දුම්රිය ස්ථානයේ පහසුකම් සපයා ඇත්නම් විෂබීජහරණයට ලක්විය යුතුය.
* දුම්රිය ස්ථානයට ඇතුළුවිය හැක්කේ දුරකතනයට ලැබුණු කෙටි පණිවුඩයක් තිබේ නම් පමණි.
* දුම්රියට පිවිසීමේදී හා පිටවීමේදී තදබදයක් ඇතිනොවන අයුරින් කටයුතු කළ යුතුවේ.
* දුම්රිය ස්ථානයේ හා මැදිරිවල සිට කෙලගැසීම, කසල බැහැර කිරීම තහනම් කර ඇත
* අනවශ්‍ය ගමන් මළු රැගෙනඒමෙන් වැළකිය යුතුය.
* සාමූහිකව සාමීචියේ යෙදීම කාඞ් සෙල්ලම් කිරීම ආදී කටයුතු තහනම් කර ඇත.
* පොදු වැසිකිලි භාවිතය හැකිතාක් අවම කළ යුතුය.
* පෞද්ගලිකව අත් පිරිසිඳුකාරකයක් භාවිතා කිරීම සුදුසුය.
* කිසිම හේතුවක් මත තමන්ට වෙන් කළ ආසනයේ හැර වෙනත් ආසනයක ගමන් නොකළ යුතුය.

- Advertisment -

Most Popular

Recent Comments