Friday, May 24, 2024
HomeLocalමාලිගාවත්තේ නිවසක් අසළ තෙරපීමකින් කතුන් තිදෙනෙකු මරුට

මාලිගාවත්තේ නිවසක් අසළ තෙරපීමකින් කතුන් තිදෙනෙකු මරුට

මලිගාවත්ත, ජුම්මා මජිඩ් මාවත ප්‍රදේශයේ දේවස්ථානයක් අසල පිහිටි ගොඩනැඟිල්ලක සිදු වූ තෙරපීමකින් තිදෙනෙකු මියගොස් තවත් 09 දෙනෙකු තුවාල ලබා තිබේ.

තෙරපීමෙන් කාන්තාවන් තිදෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර තුවාලකරුවන් 09 දෙනා අතර පිරිමි පුද්ගලයෙකු ද වන බවයි පොලිසිය පැවුසවේය.

එම ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙත මුදල් බෙදිමේ වැඩසටහනක්  කිසියම් පිරිසක් විසින් අදාල ගොඩනැගිල්ලේ සංවිධානය කර තිබී ඇති අතර මුදල් ලබා ගැනිමට විශාල පිරිසක් එම ස්ථානයට එක්රැස්වී සිට ඇති බව සඳහන්ය.

එහිදී මෙම තෙරපීම හටගෙන තිබේ.

මුදල් බෙදිමේ වැඩසටහන සංවිධානය කළ පුද්ගලයින් 06 දෙනෙකු මාලිගාවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි

- Advertisment -

Most Popular

Recent Comments