Friday, May 24, 2024
HomeInternationalෆ්ලොයිඩ් ඝාතන චෝදනා එල්ල වූ එක් පොලිස් නිලධාරියෙක් බැඳුම්කරයක් මත නිදහස් !

ෆ්ලොයිඩ් ඝාතන චෝදනා එල්ල වූ එක් පොලිස් නිලධාරියෙක් බැඳුම්කරයක් මත නිදහස් !

ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට ආධාර සහ අනුබල ලබා දුන් බවට චෝදනා එල්ල වී තිබෙන අමෙරිකාවේ පොලිස් නිලධාරී තෝමස් ලේන් බන්ධනාගාරයෙන් නිදහස් කර ඇතැයි වාර්තා වේ.

සී.එන්.එන් පුවත් සේවය පවසන්නේ, බැඳුම්කරයක් මත අදාළ පොලිස් නිලධාරියා බන්ධනාගාරයෙන් නිදහස් කර ඇති බවය.

තෝමස් ලේන් මිනියාපොලිස්හි පොලිස් නිලධාරියෙක් ලෙස කටයුතු කළේ ය.

පොලිස් අත්අඩංගුවේදී ඝාතනයට ලක් වූ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට ආධාර අනුබලදීමේ චෝදනා එල්ලවන පොලිස් නිලධාරීන් තිදෙනා අතරට ඔහු ද අයත් ය.

මේ අතර ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට එරෙහි විරෝධතා අමෙරිකාවේ තවමත් ක්‍රියාත්මක වේ.

බොස්ටන් නුවර වෙත පැමිණි සිය ගණනක් විරෝධතාකරුවන් පොලීසියේ බලය ඉවත් කරන ලෙස ඉල්ලා සිටි.

- Advertisment -

Most Popular

Recent Comments