Friday, May 24, 2024
HomeLocalමංගල ඉවත්වුණු සැබෑම හේතුව මෙන්න - මාතර ලයිස්තුවේ 01, 02 ගැනත් හෙළිදරව්වක්...

මංගල ඉවත්වුණු සැබෑම හේතුව මෙන්න – මාතර ලයිස්තුවේ 01, 02 ගැනත් හෙළිදරව්වක් !

සමගි ජන බලවේගයේ ප්‍රබලයෙකු මෙන්ම මාතර දිස්ත්‍රික් නායකයාද වූ අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් මැතිවරණ ඇතුළු පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත් නිවේදනය කළේය.

පිළිබඳව පසුගියදා ජන හමුවකදී අදහස් දැක්වූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අදහස් ප්‍රකාශ කල අතර ඔහු එහිදී සඳහන්කර සිටියේ මංගලගේ ඉවත්වීම සඳහා බලපෑ ප්‍රධානතම කාරණය ඔහුට ඔහුගේ ජයග්‍රහණය පිළිබඳව පැවති අවිනිශ්චිත භාවය බවයි. ඒ අනුව ඉදිරි මහා මැතිවරණයේදී එම පක්ෂයෙන්ම ඉදිරිපත්ව සිටින බුද්ධික පතිරණ සහ තරුණ අපේක්ෂකයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජස්ටින් ගලප්පත්ති මහතාගේ පුත්‍රයා වන චතුර ගලප්පත්ති යන දෙදෙනා පිලිවෙලින් පළමු සහ දෙවන ස්ථාන සඳහා මනාප ලබාගන්නා බවයි. සමරවීර මහතාට එබැවින් එම පක්ෂය තුලින් ජයග්‍රහණය කිරීම අසීරු කරුණක් නිසාවෙන් මෙලෙස ඉවත්වන්නට හේතුවී ඇති බව ඇති බව ඔහු සඳහන් කරනවා. ඒ අනුව

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා දේශපාලනයේ ප්‍රබලයෙකු වන අතර කලක් එක්සත් ජාතික පක්ෂය තුල කටයුතු කිරීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා හට සහාය දැක්වීමට එම කඳවුර සමඟ එක්වූ දේශපාලඥයෙකු වනවා. සමරවීර මහතාගේ ඉවත්වීමත් සමඟ මේ වනවිට හිටපු රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ සහ හිටපු පළාත් සභා මන්ත්‍රී චතුර ගලප්පත්ති යන මහත්වරුන් සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් සටනේ ඉදිරියෙන්ම සිටින අපේක්ෂකයන් බවට පත්ව ඇති බවද සඳහන්. නමුත් සමරවීර මහතා දේශපාලනයෙන් සමුගෙන නොමැති අතර ඉදිරියේදී සිය දේශපාලන අනාගතය පිළිබඳව ප්‍රකාශයක් සිදුකරනු ඇති බවද වාර්තා වෙනවා.

#Mangala

මංගල ඉවත්වුණු සැබෑම හේතුව ගැන ජොන්ස්ටන් කියන කතාව !

Posted by UNP කොළඹ අපි on Sunday, June 14, 2020
- Advertisment -

Most Popular

Recent Comments