Friday, May 24, 2024
HomeLocalරනිල් බිම් මට්ටමට බහී !

රනිල් බිම් මට්ටමට බහී !

එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ ග්‍රීන් බ්ලඩ් සංවිධානය විසින් සංවිධානය කරනු ලැබූ ප්‍රශ්න විචාරාත්මක වැඩසහන අද (14) සාර්ථකව සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි. ග්‍රීන් බ්ලඩ් සංවිධානයේ උපදේශක සහ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී අපේක්ෂක ආචාර්ය ලසන්ත ගුණවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් සංවිධානයකොට තිබූ මෙම හමුව ඩිජිටල් තාක්ෂනය ඔස්සේ සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමටද පියවර ගෙන තිබුණි.

අද පෙරවරුවේ පැවති මෙම වැඩසහනේදී තරුණ තරුණියන් විසින් හිටපු අග්‍රමත්‍ය්වරයාගෙන් විමසනු ලැබූ ගැටළු සඳහා සාර්ථකව සහ ආකර්ශනියව පිළිතුරු ලබාදුන් අතර මෙම වැඩසහන අතර තුරදී හිටපු අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා වේදිකාවේ බිම ඉන්දගනිමින් ඉතා සරල ආකාරයෙන් ප්‍රශ්න සඳහා පිළිතුරුදීම මෙහිදී කැපී පෙනිණි.

ග්‍රීන් බ්ලඩ් සංවිධානය මෙවර මැතිවරණය උදෙසා එක්සත් ජාතික පක්ෂය දිනවීමට විශාල වැඩකොටසක් සිදුකරමින් සිටින බවද වාර්තා වේ.

- Advertisment -

Most Popular

Recent Comments