Friday, May 24, 2024
HomeLocalනාමල් කුමාර හදිසියේ පොලිස් අත්අඩංගුවට

නාමල් කුමාර හදිසියේ පොලිස් අත්අඩංගුවට

පසුගිය සමයේ රටේ විශාල ජනප්‍රියතාවයක් ලබා ගත් තවත් හඬපට සම්බන්ද විශේෂිත පුද්ගලයෙක් ලෙස නාමල් කුමාර මහතා හඳුන්වා දීමට හැකිය.ඒ මහතා අනාවරණය කළ විවිද කරුණු සම්භන්දව මේ වන විටත් අධිකරණ තුළ නඩු කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතී.එවැනි පසුබිමක අද දිනයේදී නාමල් කුමාර මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව මේ වන විට වාර්තා වේ.

පුද්ගලයෙකුට පහර දීමේ සිද්ධියක් සම්භන්දයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සදහා වරකාපොල පොලීසියට පැමිණි අවස්ථාවේදී ඒ මහතා මෙළෙස අත්අඩංගුවට පත්වී ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට පත්වූ නාමල් කුමාර මහතා ඉදිරි කටයුතු සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වරකාපොල පොලිස් ස්ථානාධිපතිතුමන් වැඩි දුරටත් සදහන් කරන ලදී.

- Advertisment -

Most Popular

Recent Comments