Friday, May 24, 2024
HomeLocalවරාය නගර ආර්ථික කොමිසම සදහා අවශ්‍ය නම් ලාංකිකයින් 3ක් පත් කරන්න මම...

වරාය නගර ආර්ථික කොමිසම සදහා අවශ්‍ය නම් ලාංකිකයින් 3ක් පත් කරන්න මම කැමතී – ජනාධිපති ලේකම්

අද වන විට කොළඹ වරාය නගරය සම්භන්දව විශාල ප්‍රශ්න රැසක් මතුවී ඇති බව පෙනෙන්නට තිබේ.ඒ සදහා බලපාන ලද ප්‍රධානතම සාදකයක් වන වරාය නගර ආර්ථික කොමිසම සම්භන්ද කාරණය පිළිබඳව අද දිනයේදී අධිකරණය හමුවේ කරුණු දැක්වීමක් සිදු විය.ඒ අනුව කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සදහා පත් කරන සාමාජිකයන්ගෙන් කිහිප දෙනෙකු ශ්‍රී ලාංකිකයන් විය යුතු බවට අවශ්‍ය නම් යෝජනා කිරීමට ජනාධිපති ලේකම්වරයා සූදානම් බව අද ඔහුගේ නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන ලදී .

අතරමැදි පාර්ශවයක් වන ජනාධිපති ලේකම් ආචාර්ය පි.බි. ජයසුන්දර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මේ බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන ලදී .ඒ අනුව කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙකු හෝ තුන්දෙනෙකු ශ්‍රී ලාංකිකයන් විය යුතු බවට යෝජනා කිරීමට තම සේවාදායකයා සූදානම් බව රොමේෂ් ද සිල්වා මහතා ප්‍රකාශ කරන ලදී.

කෙසේවෙතත් එවැනි ආකාරයට සංශෝධනයක් කළ හොත් අනෙක් සියලු සාමාජිකයන් විදේශිකයන් ලෙසට පත් කිරීමට ජනාධිපතිවරයා වෙත අවසර ලබා දීමක් මේ මගින් සිදු වන බව සිල්වා මහතා පවසා සිටියේය.

බොහෝ දෙනා මෙම කොමිෂන් සභාවට විදේශිකයන් පත් විය හැකි බවට බිය උපදවන නමුත් නාගරික සංවර්ධන අධිකාරිය හැර අනෙකුත් ඕනෑම කොමිෂන් සභාවකට විදේශිකයන් පත් කිරීමට කිසිදු නෛතික බාධාවක් නොමැති බව රොමේෂ් ද සිල්වා මහතා වැඩි දුරටත් සදහන් කරන ලදී.

ඒ අනුව මැතිවරණය කොමිෂන් සභාව , රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඇතුළු අනෙකුත් කොමිෂන් සභා වලට විදේශිකයන් සාමාජිකයන් ලෙසට පත් කළ හැකි බව සිල්වා මහතා පවසා සිටි.මැතකදී මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙසට ද්විත්ව පුරවැසියෙකු සිටි බවත් මහබැංකුවේ අධිපති ලෙසට සිංගප්පූරු ජාතිකයකු කටයුතු කළ බව ද සිල්වා මහතා වැඩි දුරටත් අධිකරණය හමුවේ සදහන් කරන ලදී.

- Advertisment -

Most Popular

Recent Comments