Friday, May 24, 2024
HomeLocalශ්‍රී ලංකා - බංගලාදේශ පළමු ටෙස්ට් තරගය අද

ශ්‍රී ලංකා – බංගලාදේශ පළමු ටෙස්ට් තරගය අද

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව සම්භන්දව විශාල ගැටළු රැසක් තවමත් ඉතිරි වී ඇති පසුබිමක මෙරට ප්‍රේක්ෂකයින්ට නැවතත් ක්‍රිකට් උණුසුම ලබා ගැනීමේ අවස්ථාව අද දිනයේ සිට උදා වේ.ඒ අනුව තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වේ.

දෙරට අතර මේ දක්වා පවත්වා ඇති ටෙස්ට් තරගාවලි දහයෙන් තරගාවලි 9ක් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර එක් තරගාවලියක් ජය පරාජයෙන් තොරව අවසන් විය.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ දක්වා පවත්වා ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව 20 කි. ඉන් තරග 16 ක් ශ්‍රී ලංකාව ජයගත් අතර එක් තරගයක් බංග්ලාදේශ කණ්ඩායම ජයගෙන තිබේ. ජය පරාජයෙන් තොරව අවසන් වූ තරග සංඛ්‍යාව 3 කි. මෙම ටෙස්ට් තරගාවලිය පිළිබද අදහස් දක්වමින් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සදහන් කළේ අතීත තරග වාර්තා වැදගත් නොවන බවත් ප්‍රතිඵලය ලැබෙන්නේ ක්‍රීඩා කරන විලාශය අනුව බවත්ය.

- Advertisment -

Most Popular

Recent Comments