Friday, May 24, 2024
HomeLocalකොවිඩ් සීඝ්‍රයෙන් ඉහළ යයි - විවාහ සහ අවමංගල්‍ය උත්සව සදහා සීමා පැනවීමට...

කොවිඩ් සීඝ්‍රයෙන් ඉහළ යයි – විවාහ සහ අවමංගල්‍ය උත්සව සදහා සීමා පැනවීමට සැරසෙයි

උත්සව සමය නිමා වීමත් සමග මේ වන විට නැවතත් කොරෝනා රෝගය සීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ.ඒ අනුව මාස දෙකකට පසුව මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන ඊයේ දිනයේදී වාර්තා විය. ඊයේ දිනයේදී වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් 578ක් වන අතර ඉන් 62 දෙනෙකු විදේශ රටවලින් සිට පැමිණි පුද්ගලයින් වන අතර සෙසු 516 දෙනා මෙරටින් වාර්තා වූ ආසාදිතයින් වන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටී.

ඊයේ දිනයේදී වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වන 171ක් දෙනෙකු වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැල්ලව, ගනේවත්ත ප්‍රදේශයෙන් ආසාදිතයින් 100 දෙනෙකුත්, කුලියාපිටියෙන් 59 දෙනෙකුත්, කුරුණෑගලින් 10 දෙනෙකුත් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබේ.

මිට අමතරව ඊයේ දිනයේදී පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 51ක් දෙනෙකු වාර්තා වී තිබෙන අතර දංකොටුව ප්‍රදේශයෙන් ආසාදිතයින් 29ක් සහ වෙන්නප්පුවෙන් ආසාදිතයින් 13 දෙනෙකු වාර්තා වී තිබේ.

මේ නිසාවෙන් නිරෝධායන රෙගුලාසි කඩකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් සහ පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කර සිටී.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට දිනයේ පැවැත්වීමට නියමිත කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකා රැස්වීමේදී එම ඉල්ලීම කරන බව රාජ්‍ය අමාත්‍යවරිය සදහන් කළේය.

මේ අතර විවාහ මංගල උත්සව සහ අවමංගල්‍ය උත්සව සදහා සහභාගි කරවා ගත හැකි පිරිස සීමා කිරීමට ද අවධානය යොමු වී තිබේ. ඒ අනුව විවාහ මංගල උත්සව හා අවමංගල උත්සව ඇතුළු සියලුම අවස්ථා සදහා මීට පෙර ක්‍රියාත්මක වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුවී ඇති බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියාසිටියේය.

- Advertisment -

Most Popular

Recent Comments