Friday, May 24, 2024
HomeLocalගංජා,හෙරොයින්,අයිස් වැනි මත්ද්‍රවය භාවිතා කර රිය පදවන පිරිස් අත්අඩංගුවට ගැනීමට සූදානම්

ගංජා,හෙරොයින්,අයිස් වැනි මත්ද්‍රවය භාවිතා කර රිය පදවන පිරිස් අත්අඩංගුවට ගැනීමට සූදානම්

මාර්ග අනතුරු බොහෝ ප්‍රමාණයකට හේතුව බවට පත්වන්නේ නොසැලකිලිමත් ලෙස රිය ධාවනය හා බීමත්ව රිය ධාවනය කිරීමයි.මෙයින් බීමත්ව රිය ධාවනය කිරීම සදහා විශාල වශයෙන් පොලිස් පරීක්ෂණ සිදු කරන අතර ඉන් වසරකට විශාල පිරිසක් අත්අඩංගුවට පත්වන බවද වාර්තා වේ.මෙම තත්වය සැළකිල්ලට ගෙන මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිත කරමින් රිය ධාවනයේ යෙදෙන පීරිස් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් වැඩි කිරීමට පොලීසිය තීරණය කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ මත්පැන් වලට අමතරව වෙනත් මත්ද්‍රවය (ගංජා,හෙරොයින්,අයිස්,කොකේන්,මත්පෙති) වැනි දෑ භාවිතා කර රිය ධාවනය කරන පිරිස් අත්අඩංගුවට ගැනීමට මේ වන විට පියවර ගනිමින් සිටින බවයි.ඒ අනුව එම පරීක්‍ෂා කිරීම්වලට අදාළ උපකරණ කඩිනමින් ආනයනය කිරීමට නියමිත බවත් ඒ මහතා සදහන් කරන ලදී.

මත්ද්‍රව්‍ය හෝ මත්පැන් පානය කර රිය ධාවනය කරන පුද්ගලයන්ට හිමිවන දඩුවම් සම්බන්ධයෙන්ද මෙහිදී පැහැදිලි කෙරුණි.ඒ අනුව මත්පැන් පානය කර රිය ධාවනයට හිමිවන රු.25,000ක දඩය හෝ සිර දඩුවමක් මේ සදහා ලබා දීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සදහන් කරන ලදී.

- Advertisment -

Most Popular

Recent Comments