Friday, May 24, 2024
HomeLocalඅලුත් අවුරුද්ද නිසා ගොඩගිය දුම්රිය

අලුත් අවුරුද්ද නිසා ගොඩගිය දුම්රිය

මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්ද ඉතාමත් උත්සවශ්‍රීයෙන් සැමරීමට රටේ බොහෝ දෙනෙක් කටයුතු කරන ලදී.ඒ නිසාම කොළඹ සිට පිට පළාත් කරා විශාල පිරිසක් ගමන් කළ අතර ඒ සදහා ප්‍රවාහන මාධ්‍යක් ලෙස දුම්රියද භාවිතා කරන ලදී.ඒ අනුව උත්සව සමයේ ගතවූ දින 10ක කාලය තුළ රුපියල් කෝටි 13ක් ආදායමක් දුම්රිය දෙපාර්තමේන්තුව උපයා ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) වී. එස්. පොල්වත්තගේ මහතා පැවැසීය.

අප්‍රේල් 09 වැනිදා සිට 19 වැනිදා දක්වා කාලය තුළ මෙම ආදායම උපයා ගත් බවද පොල්වත්තගේ මහතා සඳහන් කළේය.මෙම කාල සීමාව තුළ ඇතැම් දිනවල දෛනිකව රුපියල් මිලියන 13 ඉක්මවූ ආදායමක් උපයා ගත් බවද ඔහු පැවසීය.

කොරෝනා වසංගතය ව්‍යාප්තිය හේතුවෙන් දුම්රිය මගින් සීමා වීම හේතුවෙන් පසුගිය දිනවල දුම්රිය ආදායම දෛනිකව රුපියල් මිලියන තුනත් හතරත් අතර තිබූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

- Advertisment -

Most Popular

Recent Comments