Friday, May 24, 2024
HomeLocalමේ වන විට ව්‍යාප්ත වන කොවිඩ් රැල්ල තුළ බ්‍රිතාන්‍යය වැනි රටවල් වල...

මේ වන විට ව්‍යාප්ත වන කොවිඩ් රැල්ල තුළ බ්‍රිතාන්‍යය වැනි රටවල් වල ව්‍යාප්ත වන නව කොවිඩ් ප්‍රභේදය තිබේදැයි සැකයක්

අද වන විට නැවතත් රට විශාල කොරෝනා අවධානමකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.එහි ඇති බරපතලම තත්වය පිළිබඳව මේ වන විටත් විවිද අන්දමේ පරීක්ෂණ පැවැත්වෙමින් තිබේ.ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සිදුකරනු ලබන PCR පරීක්ෂණ වලදී වෛරසය ආසාදිතයින් හඳුනා ගැනීමට ඉවහල් වන S-ප්‍රෝටීන් හඳුනා ගැනීමේ අපහසුතාවයක් (S-Jean Taget Faliure) පෙන්නුම් කරන බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කර සිටී.

ඔහු සඳහන් කලේ බ්‍රිතාන්‍යය වැනි රටවල් වල ව්‍යාප්ත වන නව කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්ත වීමේදී ද මෙවැනි S-ප්‍රෝටීන හඳුනා ගැනීමේ අපහසුකමක් PCR පරීක්ෂණ වලදී පෙන්නුම් කළ බවයි.

මේ වන විට PCR පරීක්ෂණ වලදී S-ප්‍රෝටීන පරික්ෂා කිරීමට හැකි විශේෂ PCR පරීක්ෂණ කට්ටලයක් මෙරටට ගෙන්වීමට ඉල්ලුම් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වන පරීක්ෂණ ලබන අඟහරුවාදා වන විට ආරම්භ කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම මෙම පරීක්ෂණ කට්ටලය මගින් පැය එකක් සහ මිනිත්තු 40ක් වැනි කාලයක් තුල ප්‍රථිපල පෙන්නුම් ලබා ගත හැකි බව ඔහු සඳහන් කළේය.

එම පරීක්ෂණය මගින් මෙරට ව්‍යාප්ත වන කොවිඩ් වෛරස ප්‍රභේදයේ යම් විකෘති භාවයක් ඇතිවී ඇත්ද, නැත්නම් වෙනත් රටක ව්‍යාප්ත වන කොවිඩ් ප්‍රභේදයක් මෙරට තුල ව්‍යාප්ත වන බවට සැක හැර දැන ගත හැකි වනු ඇති බව වෛද්‍ය චන්දිම ජිවන්දර මහතා සඳහන් කළේය.

ගතවූ සති දෙක තුලදී මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බවත්, වැඩි වශයෙන් තරුණ ප්‍රජාවට කොරෝනා වෛරසය ආසාදනය වීමේ වැඩි අවධානයක් පෙන්නුම් කරන බවත් ඔහු සඳහන් කළේය.

එමෙන්ම මෙරට රාජ්‍ය බැංකුවක ව්‍යාප්තවන කොවිඩ් ආසාදිතයින්ගේ ද S-ප්‍රෝටීන හඳුනා ගැනීමේ අපහසුකමක් පෙන්නුම් කර තිබෙන බවත් එය එංගලන්තයේ ව්‍යාප්ත වන කොව්ඩ් ප්‍රභේදයට සමාන බවක් පෙන්නුම් කරන බවත් ආවාර්ය වෛද්‍ය චන්දිම ජිවන්දර මහතා සඳහන් කළේය.මන්ද බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වන කොවිඩ් ප්‍රභේදයේ ද S- ප්‍රෝටීන හඳුනා ගැනීමේ අපහසුකමක් පෙන්නුම් කළ බව ඔහු සඳහන් කළේය.

කෙසේ වුවත් රට තුල ව්‍යාප්තවන කොවිඩ් ප්‍රභේදය හඳුනා ගැනීමට නිසි පරීක්ෂණයක් සිදුකොට ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනුම් දිය හැකි බව ආචාර්ය චන්දිම ජිවන්දර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

- Advertisment -

Most Popular

Recent Comments