Friday, May 24, 2024
HomeInternationalනව දිල්ලියේ ඔක්සිජන් හිගයක්

නව දිල්ලියේ ඔක්සිජන් හිගයක්

මේ වන විට ලෝකයේ විශාල වශයෙන් පවතින කොරෝනා වසංගතය දකුණු ඉන්දියාවම ආක්‍රමණය කර ඇති ආකාරය දැක ගත හැකිය.එහි උපරිම තැනකට ගමන් කරන ඉන්දියාව ගතවූ දිනයේත් ලක්ෂ 3 ඉක්මවූ වාර්තාගත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා කර ඇත.

ඒ වසංගතය ඇරඹීමෙන් පසු ලොව එක් රටකින් එක් දිනකදී හඳුනාගත් වැඩිම ආසාදිතයින් ගණන සටහන් කරමිනි.අඛණ්ඩව දෙවැනි දිනටත් ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයින් ලක්ෂ 3 ඉක්මවා ඊයේත් වාර්තා විය.ඒ ආසාදිතයින් 332,503 ක් ලෙසිනි.

මේ අනුව වසංගතය ආරම්භවීමෙන් පසුව ලොව වැඩිම දෛනික ආසාදිතයින් නැවතත් එරටින් වාර්තාවුණේ ඉන්දියාව මහත් අර්බුදයක් කරා ඇද දමමිනි.
ඉන්දියාවේ වඩාත් දියුණුම සෞඛ්‍ය පද්ධතියක් සහිත දිල්ලියේ ප්‍රධාන රෝහල් 6ක ඔක්සිජන් සංචිත සම්පූර්ණයෙන්ම අවසන්වී ඇතැයි ඒ සමඟින් වාර්තාවී තිබේ.

අගනුවර අනෙකුත් රෝහල් සියල්ලේම දැවැන්ත ඔක්සිජන් හිඟයක් පවතින්නේ ඒවායේ දැඩි සත්කාර ඒකක සියල්ලම සියයට 99ක් පිරී ගොස් ඇති පසුබිමකය.සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමේදී ජනතාව දැක්වූ අලස බව නිසා, කොවිඩ් පළමු රැල්ල සාර්ථක ලෙස පාලනය කළ ඉන්දියාව මෙවන් අසීරු තත්ත්වයක් කරා යොමුවී ඇතැයි ඉන්දීය වාර්තා පෙන්වාදෙයි.

ලොව රටවල් කොවිඩ් වසංගතයෙන් දැඩි සේ පීඩාවට පත්ව සිටියදී පවා මිලියන සංඛ්‍යාත බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් රටේ පැවති ආගමික උත්සවය එම දැවැන්ත කොවිඩ් ව්‍යප්තියට හේතුවූ බව මේ වාර්තා වැඩිදුරටත් අවධාරණය කරයි.

එමෙන්ම දේශපාලන පක්ෂ පැවැත්වූ දැවැන්ත රැලිද ඊට ඌණපූර්ණ සැපයූ බව වාර්තා වේ.ඒ අතරට අගමැති නරේන්ද්‍ර මෝදි පසුගිය සමයේ බටහිර බෙංගාලයේ පැවැත්වූ දැවැන්ත ජන රැලියද අයත්ය.

එමෙන්ම රටේ පැතිරයමින් පවතින ද්විත්ව විකෘති කොවිඩ් ප්‍රභේදය එම තත්ත්වය උත්සන්න කර තිබේ.ජනාකීර්ණ මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ සිදුකළ කොවිඩ් ආසාදිත සාම්පල 361ක් යොදාගෙන කළ පර්යේෂණයකදී හෙලිව ඇත්තේ ඉන් 220 ක්ම මේ බී 1617 කොවිඩ් ප්‍රභේදයට අයත් සාම්පල වූ බවය.

එමෙන්ම එම නව ප්‍රභේදය ලොව රටවල් 21කින් හමුව තිබේ.ඉන්දියාවේ පළමු ඔක්සිජන් දුම්රිය බහාලුම් 7ක් සහිතව විශාකපට්නම් සිට මහරාශ්ට්‍ර ප්‍රාන්තය බලා පිටත්ව ගොස් ඇත.

- Advertisment -

Most Popular

Recent Comments