Friday, May 24, 2024
HomeLocalරසායනික පොහොර නතර කිරීමට ජනපති සැරසෙයි

රසායනික පොහොර නතර කිරීමට ජනපති සැරසෙයි

රසායනික පොහොර නිසාවෙන් පසට සිදුවන හානිය මෙතෙකැයි කියා නිම කරන්නට බැරි තරම් වේ.ඒ නිසාවෙන් රසායනික පොහොර ආනයනය ඉදිරි කෙටි කාලය තුලදී සම්පූර්ණයෙන්ම නතර කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටී.

ඒ රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල ප්‍රධානීන් සමග ඊයේ පස්වරුවේ පැවැති සාකච්ඡාවකදීය.ජනාධිපතිවරයා පැවසුවේ රසායනික පොහොර භාවිතය අත්හැරීමෙන් ගොවියාට යම් පාඩුවක් සිදුවේ නම් එම මුදල ගොවීන්ට ලබාදීම රජයට මෙන්ම රටටද වාසිදායක එකක් බවයි.

ඒ නිසාවෙන් කාබනික පොහොර සදහා ජනතාව හුරු කිරීම කාලීන අවශ්‍යතාවයක් ලෙස සලකා කටයුතු කළ යුතු බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමන් වැඩි දුරටත් සදහන් කළේ මෙය නිසි ආකාරයෙන් සිදුකළ හොත් ගාලා බසින ගංගාවක ජලය උවත් කිසිම ගැටලුවකින් තොරව පානය කිරීමට හැකියාවක් ලැබෙන බවයි.අද වන විට එය කර ගැනීමට නොහැකි වී ඇත්තේ පස විශාල ප්‍රමාණයෙන් දුෂණය වී ඇති නිසාවෙන් බවද ජනාධිපතිතුමන් වැඩි දුරටත් සදහන් කරන ලදී.

- Advertisment -

Most Popular

Recent Comments