Friday, May 24, 2024
HomeLocalවරාය නගර ව්‍යාපෘතියේ අර්බුදය මැද චීන ජනරජයේ ආරක්ෂක ඇමති ලංකාවට

වරාය නගර ව්‍යාපෘතියේ අර්බුදය මැද චීන ජනරජයේ ආරක්ෂක ඇමති ලංකාවට

මේ දින වල රටේ දේශපාලන කරළිය තුළ වැඩි වශයෙන්ම කතා බහට ලක්වන මාතෘකාව වන්නේ වරාය නගරය සම්භන්ද ගැටලුවයි.ඒ අනුව පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති විශේෂ පෙත්සම්වලට අදාළ වැඩිදුර වාචික දේශන අද දිනයේ පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ කමිටු අවස්ථාවේදී සංශෝධනය කිරීමට නියමිත බව ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා නීතිපතිවරයාට දන්වා ඇති බැවින් එම සංශෝධන වලට මූලික අවධාරණය යොමු කරමින් අද දින කරුණු ඉදිරිපත් කිරීමේ වැදගත්කම අගවිනිසුරුවරයා ඊයේ (22) අවධාරණය කර තිබේ.

මේ අතර මහජන චීන ජනරජයේ රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි නිල සංචාරයක් සඳහා එළඹෙන 27 වනදා දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ. 27 වනදා සිට 29 වනදා දක්වා ඔහු මෙරට රැඳී සිටින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

- Advertisment -

Most Popular

Recent Comments