Friday, May 24, 2024
HomeLocalඅගමැතිතුමන් යළිත් පක්ෂ නායක රැස්වීමක් කැඳවයි - විමල්,වාසු හා ගම්මන්පිල එන බවට...

අගමැතිතුමන් යළිත් පක්ෂ නායක රැස්වීමක් කැඳවයි – විමල්,වාසු හා ගම්මන්පිල එන බවට පොරොන්දු වෙයි

මේ වන විට උද්ගත වී තිබෙන දේශපාලන තත්වය මත ආණ්ඩු පක්ෂය එකාවන්ව තබා ගැනීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විශාල උත්සාහයක නිරත වන බව පෙනෙන්නට තිබේ.ඒ අනුව ආණ්ඩු පක්ෂයේ හවුල්කාර පක්ෂවල පක්ෂ නායකයින්ගේ රැස්වීමක් එළඹෙන මැයි 04 වනදා උදෑසන 06.30 ට පැවැත්වීමට නියමිත බව මේ වන විට වාර්තා වේ.

ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 19 වනදා පැවැති පක්ෂ නායක රැස්වීම වර්ජනය කළ විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන්, 04 වනදා පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.

ඉකුත් 19 වනදා පැවැති පක්ෂ නායක රැස්වීමට, පක්ෂ නායකයින් නොවන විශාල පිරිසකට ආරාධනා කර තිබීම හේතුවෙන් එම අමාත්‍යවරුන් අදාළ රැස්වීම වර්ජනය කර තිබුණි. ඒ අනුව තම පක්ෂවල ගැටළු අදාළ රැස්වීමේදී සාකච්ඡා කළ නොහැකි බැවින් වෙනත් දිනයක ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට යෝජනා කර අදාළ අමාත්‍යවරුන් තිදෙනා අරලියගහ මන්දිරයෙන් පිටව ගොස් තිබුණි.

- Advertisment -

Most Popular

Recent Comments