Friday, May 24, 2024
HomeLocalකොවිඩ් නීති වැඩි කිරීමට අද ජනපති සමග සාකච්ජාවෙන් පසු තීරණය කරනවා -...

කොවිඩ් නීති වැඩි කිරීමට අද ජනපති සමග සාකච්ජාවෙන් පසු තීරණය කරනවා – රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ

උත්සව සමය අවසන් වීමත් සමග මේ වන විට කොරෝනා රෝගය නැවතත් රටම වෙලා ගන්නා මට්ටමට පත්වී තිබේ.ඒ අනුව ගතවූ පැය 24 දී තවත් කොරෝනා ආසාදිතයින් 657 දෙනෙකු මෙරටින් හඳුනා ගැනුණි. මෙලෙස දෛනික කොරෝනා ආසාදිතයින් 600 සීමාව ඉක්මවා ගියේ මාස 02 කට පසුවයි. මීට පෙර ඉකුත් පෙබරවාරි මාසයේ අවසන් වරට දෛනික කොරෝනා ආසාදිතයින් 600 සීමාව ඉක්මවා ගොස් තිබුණි. ඊයේ දිනයේ හමුවූ නව ආසාදිතයින් සමග මේ දක්වා මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගනන 98,722 ක් දක්වා ඉහළ යන ලදී. කෙසේවෙතත් ඉන් 93,884 දෙනෙකුම මේ වන විටත් පූර්ණ සුවය ලබා අවසන්. රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 4,204 දෙනෙකු පමණයි.

මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව ද ඊයේ 634 ක් දක්වා ඉහළ යන ලදී. ඒ, කොරෝනා ආසාදිත මරණ 05 ක් ඊයේ රාත්‍රියේ වාර්තා වීමත් සමගයි. ඒ අතරට කාන්තාවක් ද අයත්. ඔවුන් මොරටුව, මහනුවර, කොට්ටමුල්ල හා නාරාහේන්පිට යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

මේ අතර රට තුළ යළි කොරා්නා වෛරසය ව්‍යාප්තවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා කොවිඩ් මර්දන ජනාධිපති කාර්යය සාධක බලකාය අද රැස් වීමට නියමිතව ඇත. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදියි. මෙහිදී තීරණ රැසක් ගැනීමට නියමිත බව
වාර්තා වේ. යළිත් සෞඛ්‍ය රෙගුලාසි දැඩි කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුවනු ඇති බව අප වෙත වාර්තා වේ.

ජනතාව ඒකරාශීවන කිසිදු කටයුත්තක් සදහා අවසර ලබා නොදෙන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරන්නැයි, අද පැවැත්වෙන සාකච්ඡාවේදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කර තිබේ.

රට තුළ වර්තමානයේ ව්‍යාප්තවෙමින් ඇති කොරෝනා වෛරසය තරුණ ප්‍රජාවට වැඩි වශයෙන් ආසාදනය වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කර තිබෙන අතර පවතින තත්වය හමුවේ ඉදිරි සති 4 ඉතාමත් තිරණාත්මක බව කොවිඩි පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සදහන් කළේය.

- Advertisment -

Most Popular

Recent Comments