Friday, May 24, 2024
HomeLocalආසන ගණන ඉක්මවා මගීන් ප්‍රවාහනය කරන බස්රථ වල බලපත්‍ර අවලංගු කරනවා -...

ආසන ගණන ඉක්මවා මගීන් ප්‍රවාහනය කරන බස්රථ වල බලපත්‍ර අවලංගු කරනවා – ඇමති දිලුම් කියයි

මේ දින වල පවතින කොවිඩ් අධි අවදානම් සහිත තත්වය හමුවේ පොදු ප්‍රවාහනය භාවිතා කිරීමේදී අවශ්‍ය නීති රීති නිසි පරිදි ක්‍රියාත්මක කළ යුතු බවට නිවේදනය කර තිබේ.ඒ අනුව නිරෝධායන රීති කඩ කරමින් ආසන ගණන ඉක්මවා මගීන් ප්‍රවාහන කරන බස් රථවල මාර්ග බලපත්‍ර දින නියමයක් නොමැතිව අත්හිටුවීමට පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම මහතා ප්‍රකාශ කර සිටී.

ඒ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලීසියට සහ පළාත් මගී ප්‍රවාන අධිකාරියටත් උපදෙස් ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.

කොරෝනා වසංගත තත්වය හමුවේ වුවද දුම්රියෙන්ද මගීන් රැසක් රාජකාරී ස්ථාන වෙත පැමිණෙන අතර කාර්යයාල වේලාවන්වලදී මගී දුම්රියන් තුළ තදබදයක් ඇති බවට පැමිණිලි ලැබුණහොත් ඊටද විසදුම් ලබාදිමට කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම මහතා වැඩි දුරටත් සදහන් කරාන ලදී.

එමෙන්ම කොතෙකුත් උපදෙස් ලබාදී තිබුණද, ඇතැම් ප්‍රදේශවල නියමිත සීමාව ඉක්මවා බස්රථවල මගීන් ගමන් කරන ආකාරය ඊයේ දිනයේත් දැකගත හැකි වු බව මාධ්‍ය හරහා පවා වාර්තා වූ බවද අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කරන ලදී.

- Advertisment -

Most Popular

Recent Comments