Friday, May 24, 2024
HomeSportsIPL තරගාවලියේ මුම්බායි හා දිල්ලි කැපිටල්ස් සිය ස්ථාන තහවුරු කර ගනී

IPL තරගාවලියේ මුම්බායි හා දිල්ලි කැපිටල්ස් සිය ස්ථාන තහවුරු කර ගනී

මේ දින වල ලෝකයේ බොහෝ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ අවධානය දිනා ගන්නා තරගාවලිය බවට පත්වී ඇත්තේ IPL තරගාවලියයි.ඒ අනුව ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිය ස්ථාන තවදුරටත් තහවුරු කර ගැනීමට දිල්ලි කැපිටල්ස් සහ මුම්බායි ඉන්දියන්ස් යන කණ්ඩායම් ඊයේ සමත් විය.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සිය පස්වන ජයග්‍රහණය ඊයේ වාර්තා කළේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිවයි.ඒ අනුව තරග 07 න් 05 ක්ම ජයගෙන ඇති දිල්ලි පිල ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පැමිණ තිබේ.

තරගාවලියේ ඉදිරිය පිළිබඳ අවදානමක සිටි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානයට පැමිණියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහි තරගය ජය ගනිමිනි. ඒ අනුව ඔවුන් මේ දක්වා සහභාගී වූ තරග 06 න් 03 ක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානයට පැමිණ තිබේ.

- Advertisment -

Most Popular

Recent Comments