Friday, May 24, 2024
HomeLocalලංකාවේ අයට ඉතාලියට ඇතුළු වීම තහනම් කරයි

ලංකාවේ අයට ඉතාලියට ඇතුළු වීම තහනම් කරයි

මේ වන විට ලෝකයම විශාල කොවිඩ් අවධානම් තත්වයකට මුහුණ දී ඇති පසුබිමක දකුණු ආසියාවේ පැතිර යන නව කොරොනා ප්‍රභේදය හේතුවෙන් ඉතාලියට ඇතුල්වීම තහනම් කළ රටවල් අතරට ශ්‍රී ලංකාවද එක් කරමින් ඊයේ (29දා) නව ගැසට් නිවේදනයක් නිකුත් කළ බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවැසීය.

මෙයට පෙර ඉන්දියානු හා බංග්ලදේශ ජාතිකයන්ට ඉතාලියට ඇතුල්වීම තහනම් කරමින් පැනවූ නීතිය දිගු කරමින් මෙසේ නව ගැසට් නිවේදනයට ශ්‍රී ලංකාවද නම් කර තිබේ.

මෙම නීතිය ඉතාලි ජාතික පුරවැසියන්ට බල නොපාන බවත් ඔවුන්ට ඉතාලියට ඇතුල්වීමට හැකියාව තිබෙන බවත් අමාත්‍යාංශය පවසයි.

ඉදිරි දින 15 ක් දක්වා මෙම නීතිය ක්‍රියාත්මක අතර ඉන් අනතුරුව තත්ත්වය සළකා බලමින් ඉදිරි තීරණ ගැනීමට නයමිතය.

- Advertisment -

Most Popular

Recent Comments