Friday, May 24, 2024
HomeLocalතී‍්‍රරෝද රථවල දත්ත ගබඩා කිරීමට අන්තර්ජාල යෙදවුමක්

තී‍්‍රරෝද රථවල දත්ත ගබඩා කිරීමට අන්තර්ජාල යෙදවුමක්

මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශ වලින් ත්‍රිරෝද රථ සම්භන්දයෙන් වන පැමිණිලි වාර්තා වෙමින් තිබේ.ඒ අනුව අපරාධ වළක්වා ගැනීමේ පියවරක් වශයෙන් දිවයිනේ සියළුම තී‍්‍රරෝද රථවල දත්ත ගබඩා කිරීමට අන්තර්ජාල යෙදවුමක් සකස් කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ අදහසකට අනුව මෙම යෙදවුම නිර්මාණය කර ඇති අතර, එම යෙදවුම ඇතුළත් කළ ඇති ති‍්‍රරෝද රථයක් හඳුනාගැනීම සදහා ‘කිව් ආර්’ නම් කේතකයක් ති‍්‍රරෝද රථයේ සටහන් කිරීමට පියවර ගනු ලබන බව ද පොලිස් මූලස්ථානය සදහන් කරයි.

මෙම ක‍්‍රමවේදය මේ වන විට මධ්‍යම පළාතේ සියලූම පොලිස් ස්ථාන මගින් ආරම්භ කර ඇති අතර ඉදිරියේදී මුඵ දිවයිනේ සියලූම පොලිස් ස්ථාන හා ඒකාබද්ධ වෙමින් සිදුකිරීමට කටයුතු සකස් වෙමින් පවතින බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සදහන් කළේය.

- Advertisment -

Most Popular

Recent Comments