Friday, May 24, 2024
HomeLocalපාසල් 171ක් සදහා වහාම නව විදුහල්පතිවරුන් පත් කිරීමට සූදානම්

පාසල් 171ක් සදහා වහාම නව විදුහල්පතිවරුන් පත් කිරීමට සූදානම්

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින විවිද විෂමතා මග හැරවීමට නව රජය කටයුතු කරමින් සිටින පසුබිමක රටපුරා පාසල් 171ක විදුහල්පති පුරප්පාඩු පවතින අතර එම පුරප්පාඩු සම්පූර්ණ කරමින් එම පාසල්වලට ස්ථීර විදුහල්පතිවරුන් පත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

අධ්‍යාපන පරිපාලන ශ්‍රේණියේ පළමු පන්තියේ නිලධාරීන් විදුහල්පති තනතුරට පත්විය යුතු පාසල් 29ක් අධ්‍යාපන පරිපාලන ශ්‍රේණියේ දෙවන සහ තුන්වන ශ්‍රේණියේ නිලධාරීන් විදුහල්පති තනතුරට පත්විය යුතු පාසල් 31ක සහ ශ්‍රේණිධර විදුහල්පතිවරුන් පත්විය යුතු පාසල් 111ක ආදි වශයෙන් විදුහල්පති පුරප්පාඩු පවතින පාසල් 171ක් තිබෙන බව ද අධ්‍යාපන ලේකම්වරයා කියයි.

මෙම පාසල් අතරින් පාසල් 7කට ස්ථීර විදුහල්පතිවරුන් තෝරාගෙන සිටින අතර ඔවුනට පත්වීම් ලබාදීම ප්‍රමාදවී ඇත්තේ අනෙකුත් විදුහල්පතිවරුන් ද තොරාගෙන සියලු දෙනාටම එකවර පත්වීම් ලබාදීමට අවශ්‍ය නිසා බව ද අධ්‍යාපන ලේකම්වරයා වැඩි දුරටත් සදහන් කරන ලදී.

- Advertisment -

Most Popular

Recent Comments