Friday, May 24, 2024
HomeInternationalකොරෝනා නිසා අසරණ වී සිටින ඉන්දියානු දේශ සීමාවකට පාකිස්ථානයෙන් කාලතුවක්කු ප්‍රහාරයක්

කොරෝනා නිසා අසරණ වී සිටින ඉන්දියානු දේශ සීමාවකට පාකිස්ථානයෙන් කාලතුවක්කු ප්‍රහාරයක්

ඉන්දියාව මේ වන විට විශාල වශයෙන් කොරෝනා අර්බුදය හමුවේ අසරණ වී ඇති මොහොතක පකිස්තාන ආරක්ෂක අංශ විසින් කාශ්මීරයේ ඉන්දීය පාලන ප්‍රදේශය වෙත කාලතුවක්කු සහ වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සදුදා අලුයම මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

දේශසීමාවේ සම්බා දිස්ත්‍රික්කයේ රාම්රාග් ප්‍රදේශය ආශ්‍රිතව මෙම ප්‍රහාරය එල්ල වී ඇතැයි සදහන් වේ.මෙය දෙරට අතර පසුගිය පෙබරවාරි 24 සිට ඇති කරගත් නව සටන් විරාම එකගතාවය කඩවූ පළමු අවස්ථාව බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2003 වර්ෂයේ සිට දේශසීමාවේ ක්‍රියාත්මක වූ සටන් විරාමය පන්දහස් වතාවකට වඩා කඩවීම හේතුවෙන් පසුගිය පෙබරවාරියේදී මෙම නව සටන් විරාම එකගතාවය ඇති කර ගනු ලැබිණ.

කෙසේ වෙතත් අද වන විට එයත් කඩා වැටීමකට ලක්වී ඇති බව පෙනෙන්නට තිබේ.

- Advertisment -

Most Popular

Recent Comments