Friday, May 24, 2024
HomeLocalශ්‍රී ලාංකික තරුණයෙකුට කෝටි 64ක ලොතරැයි දිනුමක් හිමිවේ

ශ්‍රී ලාංකික තරුණයෙකුට කෝටි 64ක ලොතරැයි දිනුමක් හිමිවේ

මිනිසුන්ගේ ජීවිත වලට වාසනාව හිමිවන ආකාරය ඇතැම් විට සිතා ගැනීමටවත් නොහැකිය.එලෙස ඩුබායි හි වෙසෙන ලාංකිකයෙකුට ශ්‍රී ලංකා මුදලින් කෝටි 64ක ලොතරැයි දිනුමක් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

නමින් මොහොමඩ් මිෂ්ෆක් වන ඔහු පෞද්ගලික සමාගමක විකුණුම් වෘත්තිකයෙකු ලෙස සේවය කරන්නෙකි.මොහු එරට මුදලින් ඩිරාම් මිලියන 12 ක මුදලක් ජයග්‍රහණය කර ඇති බව සඳහන් වේ.

නිවාඩුවක් සඳහා දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින මොහු විදෙස් මාධ්‍යට ප්‍රකාශ කර තිබෙන්නේ මෙම ටිකට් පත සඳහා 20 දෙනෙකු එක් වී ඇති බවයි.

ඒ අනුව ඔහුගේ කොටස ලෙස සඳහන් කර තිබෙන්නේ ඩිරාම් 600,000 ක්.සිය පියාගේ ශල්‍යකර්මයකට විශාල මුදක් අවශ්‍යව තිබූ බවත් එය මෙම මුදල්වලින් සිදු කිරීමට හැකිවන බවත් ඔහු විදෙස් මාධ්‍යට ප්‍රකාශ කර තිබේ.

- Advertisment -

Most Popular

Recent Comments