Friday, May 24, 2024
HomeLocalකොළඹ ජාතික රෝහල කොරෝනා රෝගීන් සදහා අලුතින් වාට්ටු 3ක් වෙන් කරයි

කොළඹ ජාතික රෝහල කොරෝනා රෝගීන් සදහා අලුතින් වාට්ටු 3ක් වෙන් කරයි

දෛනිකව හමුවන කොවිඩ් රෝගීන් ප්‍රමාණය ඉහළ යාමත් සමග මේ වන විට මෙරට රෝහල් පද්දතිය යම් කිසි ගැටලුකාරී මට්ටමකට පත්වී ඇතැයි යන මතයක් සමාජ ගත වී ඇත.කෙසේ වෙතත් එහි යම් සත්‍යතාවයක් පැවතියත් මේ වන විටත් එවැනි තත්වයක් ඇති නොවන්නට අවශ්‍ය වපසරිය නිර්මාණය වෙමින් තිබේ.

ඒ අනුව කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා කොළඹ ජාතික රෝහලේ වාට්ටු 3ක් වෙන්කර ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ වික්‍රමසිංහ මහතා පැවසීය.

රෝගීන් මෙම වාට්ටුවලට ඇතුළත් කරගෙන පසුව වෙනත් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කරන බවද ඔහු ප්‍රකාශ කළේය .අවශ්‍යතාව අනුව රෝහලේ තවත් වාට්ටු කොරෝනා රෝගීන් සඳහා වෙන් කිරීමට සැලසුම් කර ඇති බවද වාර්තා වේ.

මේ අතර කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා දිවයිනේ සියලුම ප්‍රාදේශීය රෝහල්වල වෙනම වාට්ටු පිහිටුවන්නයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජේනරාල්වරයා පළාත් හා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරුන්ට උපදෙස් දී ඇත.

එසේම සෑම දිස්ත්‍රික්කයකම අලුතින් ඇඳන් දහස බැගින් සූදානම් කරන්නැයිද ඔහු වැඩිදුරටත් දැනුම් දී තිබේ.

- Advertisment -

Most Popular

Recent Comments