Friday, May 24, 2024
HomeLocalමගේ ඥාතියෙකුගේ කිසිම විවාහ මංගල උත්සවයක් මම පවත්වලා නෑ - යුධහමුදාපති කියයි

මගේ ඥාතියෙකුගේ කිසිම විවාහ මංගල උත්සවයක් මම පවත්වලා නෑ – යුධහමුදාපති කියයි

අද වන විට පවතින කොරෝනා තත්වය හමුවේ රට තුළ නීති පද්දතිය වඩාත් තර කිරීමට අවශ්‍ය කටයුතු යොදමින් සිටී.ඒ අනුව පවතින කොරෝනා තත්ත්වය සලකා විවාහ මංගල උත්සව පැවැත්වීම තහනම් කරමින් පැනවූ නියෝගය අද සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය. මංගල උත්සව ඇතුළු පැවැත්වීමට නියමිත සියලු උත්සව සහ මහජන ඒකරාශී වීම් තහනම් කිරීමට රජය ඉකුත් දා තීරණය කළ අතර ඒ, රටතුල පවතින කොරෝනා ව්‍යාප්ති අවදානම හමුවේය. ඒ අනුව ඉදිරි සති 02 ක කාලය සඳහා රටතුළ සියලු උත්සව පැවැත්වීම තහනම් වනු ඇත.

යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ කොරෝනා වසංගත තත්වයන් හේතුවෙන් තහනම් කර ඇති රැස්වීම්, සාද සහ මංගල උත්සව ආදිය නිවාස හෝ වෙනත් ස්ථානවල ද පැවැත්විය නොහැකි බවයි. ඊට අමතරව කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා වෙනත් නිවෙස්වලට යාම සහ අමුත්තන්ට සංග්‍රහ කිරීමෙන් ද වළකින ලෙස යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටි. විවාහ මංගල උත්සව පැවැත්වීම අද සිට සති දෙකක කාලයක් තහනම් කිරීමට රජය පියවර ගැනීමත් සමග බොහෝ දෙනා නිවෙස් තුල විවාහ මංගල පැවැත්වීමට සූදානමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර තමාගේ ඥාතියෙකුගේ බව පවසමින් ඊයේ දිනයේ විවාහ මංගල උත්සවයක් පවත්වා ඇති බවට පළවන වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කර සිටී. ඔහු කියා සිටියේ අදාළ උත්සවයේ බවට පවසා සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති ඡායාරූපයේ ඇත්තේ තමන් යුද්ධ හමුදාපතිධූරයට පත්වූ දිනයේ ලබාගත් ඡායාරූපයක් බවයි.

අදාළ ව්‍යාජ ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහැරි පුද්ගලයා ඉන් පැය 12 කට පසු එය නිවැරදි කර, එම විවාහ මංගල්‍යය යුද්ධ හමුදාපතිවරයාගේ ඥාතියෙකුගේ නොව හමුදාවේ වෙනත් නිලධාරියෙකුගේ බව දක්වා ඇති බව ද ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර දිවයිනේ සියලු සත්ව උද්‍යාන, අලි අනාථාගාර සහ සෆාරි උද්‍යාන යළි දැනුම්දෙන තුරු අද සිට වසා තැබීමටද නියමිතය.

- Advertisment -

Most Popular

Recent Comments