පාස්කු ප්‍රහාරය සම්භන්දව රටේ ජනතාව තුළ විශාල කුතුහලයක් තව දුරටත් මතුවී ඇති පසුබිමක පසුගිය දිනක හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගන්නා ලදී.කෙසේ වෙතත් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නිදහස් කරන ලෙස ඉල්ලා ඔහුගේ බිරිඳ වන අයේෂා රිෂාඩ් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ඊයේ (03දා) ලිපියක් යොමුකර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය සැමියා අත්අඩංගුවට ගැනීම නාටකයක් බැවින් තම සැමියා වන රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයා වන රියාජ් බදියුදීන් නිදහස් කරන්නැයි අයේෂා රිෂාඩ් පිටු තුනකින් සමන්විත ලිපියක් ජනාධිපතිවරයා වෙත යොමු කරමින් ඉල්ලා සිටියි.
පාස්කු ප්‍රහාරය එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට ආධාර අනුබල දීම සහ ඔවුන් සමග සමීප සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන් සහ රියාජ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන මේ වනවිට ප්‍රශ්න කරනු ලබයි.