Friday, May 24, 2024
HomeLocalබූස්ස බන්ධනාගාරයට අලුතින් රැගෙන ගිය 36කට කොරෝනා

බූස්ස බන්ධනාගාරයට අලුතින් රැගෙන ගිය 36කට කොරෝනා

මේ වන විට කොරෝනා තත්වය ඉතාමත් විශාල වශයෙන් වර්ධනය වෙමින් පවතී.ඒ අනුව බුස්ස බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රැදවියන් 36 දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කර සිටී.

ගාල්ල හා කළුතර යන දිස්ත්‍රික්කවල අධිකරණ මගින් රක්ෂිත බන්ධනාගාර ගත කරණු ලබන රැදවියන් දින 14 ක කාලයකට නිරෝධායනය කිරිම සදහා බුස්ස බන්ධනාගාරයට රැගෙන එනු ලැබ තිබේ.

එසේ රැගෙන එන නවක රැදවියන් බුස්ස බන්ධනාගාරයේ වාට්ටුවල නිරෝධායනය කොට යලි අදාල බන්ධනාගාරවලට යොමුකරනු ලබයි.

බන්ධනාගාරයට නිරෝධායනය විම සදහා රැගෙන එනු ලැබු රැදවියන් 98 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියදි පි.සි.ආර් පරික්ෂණවලට ලක්කොට
ඇති අතර ඉන් 36 දෙනෙකුට ඊයේ (16) දින කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද බුස්ස බන්ධනාගාරය ප්‍රකාශ කර සිටී.

බුස්ස බන්ධනාගාරය තුල නවක රැදවියන් නිරෝධායනය කිරිම සදහා වාට්ටු 38ක් තිබෙන අතර කොවිඩ් ආසාදිත රැදවියන් 36 දෙනා යාපනය නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකිරිමට කටයුතුකර ඇති බවද බුස්ස බන්ධනාගාරය වැඩි දුරටත් සදහන් කර සිටී.

- Advertisment -

Most Popular

Recent Comments