Friday, May 24, 2024
HomeLocalරිෂාඩ් හා ප්‍රේමලාල් දෙදෙනාට පාර්ලිමේන්තු එන්න අවසර

රිෂාඩ් හා ප්‍රේමලාල් දෙදෙනාට පාර්ලිමේන්තු එන්න අවසර

අධිකරණය මගින් වරදකරුවන් බවට පත්වී මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතවී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා විශේෂ අවසරයක් යටතේ පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය කටයුතු සම්පදානය සදහා පසුගිය දින වලදී විශාල සාකච්ජා රැසක් පැවැත්වෙන ලදී.

ඒ අනුව එළඹෙන සතියේදී පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට නියමිත බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රේමලාල් ජයසේකර සහ රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තු රැස්වීම් සදහා කැඳවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර තිබේ. ඒ පිළිබදව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාටද දන්වා ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේය.

මේ වනවිට අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ප්‍රශ්න කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තු රැස්වීම් සදහා සහභාගිවීමට ඉල්ලීමක් කරන්නේ නම් පමණක් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට රැගෙන ඒමට පියවර ගන්නා ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයාට ලිපි මගින් දැනුම් දී ඇත.

ඊට අමතරව රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු රැස්වීම් සදහා සහභාගිවීමට සිය එකඟතාව පළ කරන්නේ නම් ඒ සදහා ද කථානායකවරයාගේ නියෝගය ඇතුළත් ලිපියක් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමුකර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කරන ලදී. මන්ත්‍රීවරුන් දෙදෙනා පාර්ලිමේන්තුවට කැඳවා ගෙන ආ යුත්තේ රජය විසින් දැනට පනවා ඇති සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුවය.

කථානායකවරයා වෙනුවෙන් වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත යොමු කළ ලිපිවල ඒ සම්බන්ධයෙන්ද වැඩිදුරටත් කරුණු දක්වා තිබේ.

- Advertisment -

Most Popular

Recent Comments