Sunday, February 23, 2025
HomeLocalශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ මාසික වැටුප මෙන්න - වැඩිම වැටුප මිලියන 1.6...

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ මාසික වැටුප මෙන්න – වැඩිම වැටුප මිලියන 1.6 යි

ලෝකයේ සෑම රටකම ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ගෙවන මාසික වේතනය ඉතා ඉහළ අගයක් ගනු ඇත.ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ 2021/2022 වසර සඳහා වන ක්‍රීඩක කොන්ත්‍රාත්තු ලබාදීමේ ක්‍රීඩක ලැයිස්තුගත කිරිම මේ වන විට සිදුකර ඇති බව වාර්තා වේ.

මෙවර ක්‍රීඩක කොන්ත්‍රාත්තු ලබාදීමේ දී වැඩිම මිල ගණනක් හිමි ක්‍රීඩකයින් ලෙස ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල ලැයිස්තු කර තිබේ. ඔවුන්ට හිමි මාසික වැටුප ලෙස රුපියල් මිලියන 1.6ක් බවයි වාර්තා වේ.

දෙවැනියට වැඩිම කොන්ත්‍රාත්තුවක් හිමි ක්‍රීඩකයින් ලෙස කුසල් පෙරේරා සහ ඇන්ජලෝ මැතිව්ස් ලැයිස්තු ගත කර ඇති අතර, ඔවුන්ගේ මාසික වැටුප රුපියල් මිලියන 1.3ක් වේ.

තෙවන කාණ්ඩයේ වැඩිම වැටුපක් හිමි ක්‍රීඩකයින් ලෙස කොන්ත්‍රාත්ගත කර ඇත්තේ කුසල් මෙන්ඩිස් සහ දිමුත් කරුණාරත්න වන අතර ඔවුන්ගේ මාසික වැටුප රුපියල් මිලියන 1.1ක් වේ.

සිව්වන කාණ්ඩයේ කොන්ත්‍රාත් ලැයිස්තු ගත කිරීම් යටතේ මාසිකව රුපියල් මිලියනයක වැටුපක් සුරංග ලක්මාල් සහ දසුන් ශානකට හිමිවනු ඇත.

05 වන කාණ්ඩයේ ලැයිස්තු ගත කිරිම් යටතේ වනිදු හසරංග සහ ලසිත් ඇඹුල්දෙණිය ඇතුලත් කොට ඇති අතර ඔවුන්ට හිමිවන්නේ රුපියල් 985,000ක මාසික වැටුපක්ය.

සෙසු ක්‍රීඩකයින් ලැයිස්තුගත කර ඇති ආකාරය පහතින් දැක්වේ :

පැතුම් නිශ්ශංක සහ ලහිරු තිරිමාන්නට රු. 902,916.00ක්

දුෂ්මන්ත චමීර / කසුන් රාජිත රු. 820, 833.00ක්

දිනේෂ් චන්දිමාල් / ලක්ෂාන් සඳකැන් රු. 738,750.00ක්

විශ්ව ප්‍රනාන්දු / ඉසුරු උදාන රු. 656,666.00ක්

ඔෂද ප්‍රනාන්දු / රමේෂ් මෙන්ඩිස් රු. 574,583.00ක්

ලහිරු කුමාර / ධනුෂ්ක ගුණතිලක රු. 492,500ක්

අශේන් බණ්ඩාර / අකිල ධනංජය රු. 410,416.00ක්.

- Advertisment -

Most Popular

Recent Comments