Friday, May 24, 2024
HomeLocalකොරෝනා ආසාධිත කාන්තාවක් රෝහල් සේවකයෙක් දුෂණය කරයි

කොරෝනා ආසාධිත කාන්තාවක් රෝහල් සේවකයෙක් දුෂණය කරයි

ඉන්දියාවේ ස්ත්‍රී දුෂණ ප්‍රමාණය ඉතා ඉහළ අගයක පසුවන බව අප කවුරුත් දන්නා කරුණකි.ඒ බව යළි යළිත් සනාථ කරමින් කොරෝනා වයිරස් රෝගියෙකු ඉන්දියවේ බෝපාල් රජයේ රෝහලකදී පිරිමි හෙදියක් විසින් දූෂණය කර පැය 24 ක් ඇතුළත මිය ගිය බව පොලිසිය පවසයි.

මැයි 6 වන දින බෝපාල් අනුස්මරණ රෝහලට හා පර්යේෂණ මධ්‍යස්ථානයට ඇතුළත් කළ 43 හැවිරිදි කාන්තාව සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති අතර චූදිතයා වෛද්‍යවරයකුට කළ ප්‍රකාශයකින් හඳුනාගෙන ඇතැයි පොලිසිය පවසයි. මොහොතක් ගත වන්නට පෙර ඇයගේ තත්තවය නරක අතට හැරුනු අතර පසුව ඇයට කෘතිම ශ්වසනය සහ ඔක්සිජන් ලබා දුන්නද ජීවිතය ගලවා ගැනීමට හැකියාවක් නොලැබුණි.

නිෂාට්පුර පොලිස් ස්ථානයේ නඩුවක් පවරා ඇති අතර විත්තිකරු 40 හැවිරිදි සන්තෝෂ් අහිර්වර් ලෙස හඳුනාගෙන තිබේ.

විත්තිකරු මීට කලින් 24 හැවිරිදි මාණ්ඩලික හෙදියකට ලිංගික අතවර කර ඇති අතර ඔහු රැකියාවෙහි යෙදී සිටින අතර තුර බීමතින් හිද සේවය අත්හිටුවා ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.

- Advertisment -

Most Popular

Recent Comments