Sunday, February 23, 2025
HomeLocalබංගලාදේශයට පැමිණි විගසම ශ්‍රී ලංකා කණ්ඩායම ජිම් එකේ නතර වේ

බංගලාදේශයට පැමිණි විගසම ශ්‍රී ලංකා කණ්ඩායම ජිම් එකේ නතර වේ

මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට නැවත වරක් ක්‍රිකට් තරගාවලියක මිහිරි අත්දැකීම ලබා දීම සඳහා මේ දින වල ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශය බලා පිටත්ව ගොස් තිබේ. තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සඳහා මෙසේ බංග්ලාදේශය වෙත ළගා වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එරටට පැමිණි පළමු දිනයේදීම සිය ශාරීරික යෝග්‍යතා ව්‍යායාම සඳහා එක්ව තිබෙන බව වාර්තා වේ. ඒ, ඔවුන් රැඳී සිටින හෝටල් පරිශ්‍රයේදීය..

කණ්ඩායම නවාතැන් ගෙන සිටින හෝටලයේ කායවර්ධන මධ්‍යස්ථානයේදී ක්‍රීඩකයින් එම පුහුණුවීම්වල නිරත වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම ජෛව ආරක්ෂිත බුබුලක් තුළ රැදී සිටින අතර, පළමු දින තුන තුළ දී ඔවුන් නිරෝධායනය විය යුතුයි. මෙම තරග සංචාරයට එක්ව සිටින ශ්‍රී ලංකා එක්දින සංචිතයේ ක්‍රීඩකයින් අතර ලබන 21 වනදා පුහුණු තරගයක්ද පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින ක්‍රිකට් තරගය ලබන 23 වනදා පැවැත්වෙන්නේ මීර්පූර් හිදිය.

- Advertisment -

Most Popular

Recent Comments