Friday, May 24, 2024
HomeLocalබෝගම්බර බන්ධනාගාර රැඳවියන් පිරිසක් වහලයක් මතට නගී

බෝගම්බර බන්ධනාගාර රැඳවියන් පිරිසක් වහලයක් මතට නගී

බන්ධනාගාර ආශ්‍රිතව කොරෝනා අවදානම වර්ධනය වන නිසාවෙන් ඒවායේ සෞඛ්‍ය පහසුකම් ඉහළ නංවන ලෙස ඉල්ලා වරින් වර රැඳවියන් විවිද උද්ගෝෂණ සිදු කරන අන්දම දැක ගත හැකිය.ඒ බව සනාථ කරමින් බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් මේ වන විට වහලය මත නැග විරෝධතාවක් ආරම්භ කර තිබේ.

ඒ තමන්ට ද පී.සී.ආර්. පරීක්ෂණ කඩිනමින් සිදුකරන ලෙස සහ ඇප ලබාදෙන ලෙස ඉල්ලමිනි.රැදවියන් 20 දෙනෙක් බෝගම්බර වහලය මත නැග මෙලෙස විරෝධතාවයේ නිරත ව සිටින බව බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සදහන් කරන ලදී.

12 වනදා බන්ධනාගාර ගත කළ එම රැදවියන් ලබන 22 වනදා පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු කිරීමට සැලසුම් කර ඇති බවද බන්ධනාගාර කොමසාරිස්වරයා වැඩිදුරටත් සදහන් කළේය.

- Advertisment -

Most Popular

Recent Comments