Friday, May 24, 2024
HomeLocalසංචරණ සීමා තිබියදී මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතා කර නිරුවත් අනග රැගුම් පෑ...

සංචරණ සීමා තිබියදී මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතා කර නිරුවත් අනග රැගුම් පෑ තරුණියන් දෙකක් ඇතුළු 5ක් අත්අඩංගුවට

පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ සියලුම සාද හා ප්‍රිය සම්භාෂණ අත්හිටුවීමට සෞඛ්‍ය අංශ හා පොලීසිය උපදෙස් ලබා දී තිබුණි.කෙසේ වෙතත් ඒ සියල්ල කඩ කරමින් සංචරණ නීති පනවා තිබියදී මත්ද්‍රව්‍ය සහ මත්පැන් සමග සාදයක් පැවැත්වූ පුද්ගලයින් 07 දෙනෙකු රාජගිරිය ප්‍රදේශයේදී ඊයේ (16) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතර කාන්තාවන් දෙදෙනෙකු ද වන බවය පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරන ලදී.

බස්නාහිර පළාත දකුණ විශේෂ ඒකකය මගින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර මෙහිදී අත්අඩංගුවට පත්වූ එක් අයෙක් සතුව තිබී අයිස් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05ක් ද සොයාගෙන තිබේ.එසේම මෙම අත්අඩංගුවට පත්වූ තරුණියන් දෙදෙනා අධික ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූ අයවලුන් බවද මේ වන විට වාර්තා වේ.

එසේම මෙම සාදය සඳහා පරිශ්‍රය සැපයු රාජගිරිය ප්‍රදේශයේ නවාතැනේ කළමනාකාරුද පොලිස් අත්අඩංගුවට පත්වී තිබේ.

- Advertisment -

Most Popular

Recent Comments