Friday, May 24, 2024
HomeLocalසැමියාගේ පොලු පහරින් 31 හැවිරිදි බිරිඳ අවසන් ගමන් යයි

සැමියාගේ පොලු පහරින් 31 හැවිරිදි බිරිඳ අවසන් ගමන් යයි

මේ දින වල පනවා ඇති සංචරණ සිමාවන් නිසා බොහෝ අඹු සැමියන් නිවෙසට වී සිටින අතර ඒ නිසාවෙන්ම විශාල පවුල් ආරවුල් මතුවී ඇති බව සමාජ මාධ්‍ය හරහා වරින් වර වාර්තා වේ.

මේ අතර අඹු සැමි යුවලක් අතර වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් සැමියා බිරිඳගේ හිසට එල්ල කළ පොලු පහරින් බරපතළ තුවාල ලැබූ කාන්තාව ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇතැයි මහරගම පොලිසිය පවසයි.

පසුව සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන මියගිය කාන්තාවගේ සැමියා වන 36 හැවිරිදි පුද්ගලයකු පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව කියයි.

මෙසේ මියගොස් ඇත්තේ මහරගම පමුණුව තමරා ධනුෂිකා ජයවීර (31) කාන්තාවක බව පොලිසිය කියයි.

මෙම කාන්තාව හා සිය සැමියා අතර 16 දා සවස 5.00 පමණ ආරවුලක් සිදුව ඇති අතර එහිදී සැමියා බිරිඳ ගේ හිසට පොල්ලකින් පහර දී ගෙල සිරකර බරපතළ තුවාල සිදුකර ඇතැයි පැවසේ.

- Advertisment -

Most Popular

Recent Comments