Friday, May 24, 2024
HomeLocalශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය කෝටි 2470ක අදායමක් ලබයි

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය කෝටි 2470ක අදායමක් ලබයි

පසුගිය දින වල සමාජ ජාල මාධ්‍ය හරහා විශාල වශයෙන් කතා බහට ලක්වූ මාතෘකාවක් බවට පත්වූයේ ලංකා විදුලිබල මණ්ඩලය පාඩු ලබන ආයතනයක් බවට පත්වී තිබීමයි.එම කලු පැල්ලම මකා දමමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය මේ වසරේ පළමු කාර්තුවේ රුපියල් කෝටි 2470ක ආදායමක් ලබා ඇතැයි ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති රෝහාන් ප්‍රනාන්දු මහතා පවසයි.

ටෙලිකොම් සමූහයේ බදු පසු ලාභය රුපියල් කෝටි 120ක් වූ අතර එය පසුගිය වසරට සාපෙක්ෂව සියයට 14.3ක වර්ධනයක්යැයි ද සභාපතිවරයා පවසයි.

මේ අතර ටෙලිකොම් සමූහයේ ආදායම පෙර වසරට සාපේක්ෂව සියයට 11.4 කින් වර්ධනය වී ඇති බව ද කාර්තුව තුළ මෙහෙයුම් මුදල් ප්‍රවාහය රුපියල් කෝටි 1220 දක්වා තුන් ගුණයක වර්ධනයක් ලබා ඇතැයි ද සභාපතිවරයා වැඩි දුරටත් සදහන් කර සිටී.

- Advertisment -

Most Popular

Recent Comments