Friday, May 24, 2024
HomeLocalබෝගම්බර බන්ධනාගාරයේ 104කට කොරෝනා

බෝගම්බර බන්ධනාගාරයේ 104කට කොරෝනා

පසුගිය කාලයේදී බන්ධනාගාර ආශ්‍රිතව කොවිඩ් තත්වය වර්ධනය වීම නිසා ඇතිවූ ගැටුම් නිසාවෙන් පිරිසකට සිය ජීවිතය පවා අහිමි විය.විශේෂයෙන්ම බන්ධනාගාර තුළ පවතින සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්හි පවතින ඇතැම් ගැටළු නිසා මෙම තත්වය වර්ධනය වී ඇති බව දැකගත හැකිය.

මෙම තත්වය මේ වන විටද බන්ධනාගාර තුළ දැකගත හැකි බවට උදාහරණ සපයමින් බෝගම්බර පැරණි බන්ධනාගාරයේ රැඳවියන් 104 දෙනකුට කොරෝනා වයිසරය ආසාදිතයන් බවට තහවුරු වී ඇත.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ බව තහවුරු කළ අතර රැඳවියන් 211 දෙනකුට අතුරින් ආසාදිත රැඳවියන් 104 හඳුනාගෙන ඇත.

එම බන්ධනාගාරය තුළ මේ වන විට රැඳවියන් 536 දෙනකු රඳවා සිටින අතර ඔවුන් ද කඩිනමින් පි .සි ආර් .පරීක්ෂණ සිදුකිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර ප්‍රකාශකයෙක් පවසයි .

කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ රැඳවියන් පිරිස යාපනය බන්ධනාගාරය වෙත මාරු කර යැවූ බව ද එම ප්‍රකාශකයා වැඩි දුරටත් සදහන් කරන ලදී.

- Advertisment -

Most Popular

Recent Comments