Friday, May 24, 2024
HomeLocalමෙරට පුද්ගලයින් ලක්ෂ 14කට කුමන හෝ කොරෝනා එන්නතක් ලබා දී අවසන්

මෙරට පුද්ගලයින් ලක්ෂ 14කට කුමන හෝ කොරෝනා එන්නතක් ලබා දී අවසන්

පවතින කොවිඩ් තත්වය හමුවේ මේ වන විට බස්නාහිර පළාත පදනම් කර ගනිමින් එන්නත්කරණ වැඩ පිළිවෙළ ඉතාමත් කාර්යක්ෂම අන්දමින් සිදු කරමින් සිටී.ඒ අනුව මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ දිනය වනවිට චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් හාර ලක්‍ෂ 57,840 දෙනෙකුට ලබාදී තිබේ.

ඊයේ දිනය තුළ පමණක් පුද්ගලයින් 33,017 දෙනෙකුට එම එන්නත ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරන ලදී.ඊයේ දිනයේදී ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 5,229 දෙනෙකුට ලබාදී ඇත.

එම එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයින් ගණන නව ලක්‍ෂ 25,242 ක්. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 14,917 දෙනෙකුට මේ වනවිට ලබාදී ඇත.

ඒ අනුව මෙරට පුද්ගලයින් දහතුන් ලක්‍ෂ 97,999 දෙනෙකුට කුමන හෝ කොවිඩ් මර්දන එන්නතක පළමු මාත්‍රාව ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේය.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් දෙලක්‍ෂ 97,686 දෙනෙකුට ඊයේ දිනය වනවිට ලබාදී තිබේ.

- Advertisment -

Most Popular

Recent Comments