Friday, May 24, 2024
HomeLocalමිලියන 13ක PCR කට්ටල ලංකාවට

මිලියන 13ක PCR කට්ටල ලංකාවට

මෙරට කොරෝනා මර්ධනය සඳහා විවිධ රටවල් වලින් විවිධ අවස්ථාවලදී සෞඛ්‍ උපකරණ මෙන්ම විවධ උපකාරද ලැබුණා. එලෙස කොරෝනා මර්ධන ක්‍රියාවලියට සහය වීම සදහා අමෙරිකාව රුපියල් මිලියන 13 ක් වටිනා පී සී ආර් පරීක්ෂණ කට්ටල 4,700 ක් මෙරටට පරිත්‍යාග කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාල නියෝජිතයින් විසින් සෞඛ්‍ය අමාතත්‍යංශයේදී එම පී සී ආර් පරීක්ෂණ කට්ටල සංඛේතාත්මකව මෙරටට භාරදුන් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ. රාජ්‍ය අමාත්‍යවරුන් වන විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ, මහාචාර්ය චන්න ජයසුමන සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් එම අවස්ථාවට එක්ව සිටි බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ. මේ හේතුව නිසා දවසකට වැඩි PCR ප්‍රමාණයක් සිදුකල හැකි බව එහිදී ප්‍රකාශ කරා.

- Advertisment -

Most Popular

Recent Comments