පවතින වසංගත තත්වය හමුවේ සාමාන්‍ය ජන ජීවිතය අඩාලව ඇත. මෙම තත්වය නිසා සියලු ජාතින් හට තමන්ගේ ආගමික කටයුතු සිදු කිරීමට පවා නොහැකි වී තිබෙනවා. ඒ අනුව මෙවර වෙසක් පොහෝ දින සියලු ආරාම වල ආගමික කටයුතු සිදුනොකරන අතරම එම සීල සමාදාන කටයුතු තම නිවෙස් වලට වී සිදුකරන මෙන් අස්ගිරි හා මල්වතු පාර්ශව නාහිමිවරු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.