Friday, May 24, 2024
HomeLocalඅදසිට කුරුණෑගල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ජනතාවට සයිනොෆාම් එන්නත්

අදසිට කුරුණෑගල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ජනතාවට සයිනොෆාම් එන්නත්

කුරුණෑගල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ජනතාවට අද සිට සයිනොෆාම් එන්නත් ලබා දීම ආරම්භ කරන බවට යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. එන්නත්කරණ වැඩසටහන් සදහා සෞඛ්‍ය කාර්්‍ය මණ්ඩල වලට සහය දීමට යුද හමුදාවේ වෛද්‍ය කණ්ඩායම් ද යොදවන බවත් එන්නත්කරන වැඩසටහන සදහා අදාල දිස්ත්‍රික්ක තෝරාගනු ලැබුවේ වසංගත රෝග විද්‍යාඥයින්ගේ උපදේස්වලට අනුව බවත් එහිදී ඔහු ප්‍රකාශ කලා. මේවනවිට මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ කිසියම් හෝ එන්නතක පළමු මාත්‍රාව පුද්ගලයින් දාහතර ලක්ෂ 58,050 දෙනෙකුට ලබා දී තිබෙනවා.මාත්‍රා 02 කම සම්පූර්ණ කර ඇති සංඛ්‍යාව තුන් ලක්ෂ 43,277 ක්. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ්, ස්පුට්නික් ෆයිව් සහ සයිනොෆාම් යන එන්නත් මේවනවිට මෙරට ජනතාවට එන්නත් කරමින් සිටිනවා.

- Advertisment -

Most Popular

Recent Comments