Friday, May 24, 2024
HomeLocalභික්ෂුන් වහන්සේ නමක් ලෙස පෙනී සිටි අයෙකු මිරිහානේදී අත්අඩංගුවට

භික්ෂුන් වහන්සේ නමක් ලෙස පෙනී සිටි අයෙකු මිරිහානේදී අත්අඩංගුවට

භික්ෂූන් වහන්සේ නමක් ලෙස පෙනී සිටිමින් ආධාර මුදල් එක් රැස් කළ පුද්ගලයෙකු මිරිහාන ප්‍රදේශයේදී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියේජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ සංචරණ සීමා ද උල්ලංඝනය කරමින් මුදල් ආධාර එකතුකරන බවට මිරිහාන පොලීසිය වෙත ලද පැමිණිලිවලට අනුව එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති් බවයි. 33 හැවිරිදි වියේ පසුවන එම පුද්ගලයා අද ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සදහන් කළා.

- Advertisment -

Most Popular

Recent Comments